Episode 21 🪁

786 218 66
                                    

Episode 21


අර්ජුනයා එක්ක වාහනෙන්  ගෙදර එනකන්ම මං හිටියේ හෝන්දුමාන්දු වෙලා.. ඇයි ඉතින් දැක්කේ කීයටවත් හිතපු දෙයක්ද... ඇහුනේත් කෝමා වෙලා යන්න පුළුවන් දෙයක් නෙහ් ඉතින්.. මෙහෙමහරි දිගටම බයිලා කියවන ඩ්‍රයිවරයා කියවන දේවල් අහගෙන ඉන්න මං ගැන සතුටු වෙන්න ඕනෙ..මොකද ඌ කියන්නෙ මොනවද කියලා මෙලෝ දෙයක් මට ඔලුවට ගියේ නෑ..


මට එතනට ගිහින් අභී එක්ක කතා කරන්න වුනත් තිබ්බා.. මම එහෙම කන්ෆිඩන්ස් නැති එකෙක් නෙවේ.. මොකද ඒ මගෙ සහෝදරයා නිසා.. ඒත් ඇත්තටම අයියා ඒ ඔෆිසර් එක්ක ලව් නම් මං එතනට ගිහින් ඩිස්‍ටර්බ් කරා වගේ වෙනවානෙහ්.. එහෙම නැත්තං අයියා ඒක අපෙන් හංගන දෙයක් වුනා නම් එයාව අපහසුතාවෙට පත්වෙන්නත් තිබ්බා.. ඔය හැමපැත්තම හිතලා තමයි මං එහෙමම හැරිලා එන්න ආවා...


" මට හිතෙන්නෙම නෑ අභී ඔෆිසර් එලියට් එක්ක එහෙම දෙයක් තියනවා කියලා.. පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්නවාකෝ... අහ් අර්ජුන් ලියෝන්ව පරිස්සම් කරාට තෑන්ක්ස් "


මං වාහනෙන් බැහැලා යද්දි ඒකාගෙ උරහිසට තට්ටුවක් දැම්මා.. මේකා මං කිව්ව නිසාම ලියෝන් දිහා බලාගෙන ඉන්න ඩියුටි එක අතෑරලා ආපහු ආවා.. මොකද ලියෝන් මට මැසේජ් කරන විදිහටම ඒ දේවල් දිල්ලියෙදි කරා කියලා ලියෝන්ව ෆලෝ කරපු අර්ජුන් මට කෝල් කර කර කිව්වානෙහ්.. ඉතින් මට අවිශ්වාස නොකර ඉන්න හේතුවක් තිබ්බේ නැති තරම්..


" ඔයා ප්‍රශ්නෙකද පැටියෝ.. මං අනිද්දා එනවානෙහ් ඉතින්.. අක්කා නිසාද ?"


ඩිනර් අරන් ඉවර වෙලා කාමරේට ගිහින් නින්ද අහලකටවත් ආවේ නෑ හවස දැක්ක සිද්ධිය මතක් වෙලා. ඒ අස්සෙ ලියෝන් නැති පාලුවත් තදටම දැනෙද්දි මං එයාට කෝල් එකක් ගත්තා ලොකු බලාපොරොත්තුවක් නැතුව.. බැලුවොත් ඕක නම්බර් බිසී.. එයා නම් කිව්වේ කේස් එකකට හිර වෙලා ඉද්දි වැඩ වැඩි වුනහම උදේ දවල් රෑ කියලා නෑ මහන්සි වෙනවා කියලා...


" අක්කා ගැනත් දුකයි.. හැබැයි උන් දෙන්නාත් රත්තරන් අපි දෙන්නා වගේම කපල් එකක් නිසා මට සාප කරන්න හිතෙන් නෑ.. ආදරේ මරලා දාන්න බෑනෙහ් කොච්චර කිව්වත්.. "


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Donde viven las historias. Descúbrelo ahora