Episode 14 🪁

827 240 49
                                    

Episode 14



මෙව්වා තමයි අප්පගෙ සප්‍රයිස් කියන්නෙ.. සප්‍රයිස් දෙන්න ගිය මාව අන්තිමට සප්‍රයිස් වුනා මහ අජූත විදිහට.. හැබැයි මගෙ හිතට පුදුම විදිහට සතුටක් දැනුනා.. මගෙ උපන්දින දවස ආරම්භයේදිම පවුලේ අය ඒක සමරන්න හැමදේම ලෑස්ති කරලා.. මධ්‍යම රාත්‍රි දොළහ පහු වුනා විතරයි...


අනික අක්කාට දරුවෙක් ලැබෙන්න.. මං හිතන්නේ ඒක තමයි මට ලැබුන හොදම උපන්දින තෑග්ග.. මොකද බාප්පා.. පුංචි හුගක් ආසාවෙන් හිටියේ මුණුපුරෙක්ට.. ඉතින් දැන් ඒ හීනෙ හැබෑ වෙලා.. ඒ සතුටු හිතෙන ආරංචිය බෙදාගන්න හැමෝම මගෙ උපන්දිනය දවසෙ ගෙදරට එකතු වෙලා.. ඉතින් ඒකම ඇති නැද්ද සතුටු වෙන්න...

" බාප්පගෙ ඇක්ටින් තමයි මරු.. ගෙදරට හොරු පැනලද කියලත් ඇහුවා.. නාකි වුනාට.. කොල්ලා දස්සයා.. හහ් හහ් හා.. "


අයියා ඒ අස්සෙන් වෙනම ආතල් එකක් ගන්නවා.. ඇත්ත හැබැයි බාප්පා හැසිරුන විදිහට හිතන්නවත් බෑ එයත් මේ සප්‍රයිස් එකේ කොටස්කාරයෙක් කියලා නම්.. ඒ තරම් තාත්වික විදිහට රගපෑවා ගෙදර පවර් කට් වෙලා කියලා..

" ඔයත් මරු අක්කේ.. ඔයාටම හරි යන්න ගෙදර අයත් ඉන්න එක තමයි පුදුමේ.. "


" හා ආර්යන්.. පවුලක් කියන්නෙ ඒක තමයි.. මෙහෙම සප්‍රයිස් වෙන කාගෙන්වත් හම්බෙන් නෑ.. "


මං හරි ආසයි නේහා අක්කා කතා කරන විදිහට.. කටින් විතරක් නෙවෙයි අංග චලනත් එක්ක ඇස් පවා කරකවනවා.. ඇත්ත මෙහෙම සප්‍රයිස් එකක් හම්බුනාමයි.. ඒත් මං දැනගෙන හිටියේ නෑ තව සප්‍රයිස් එකක් මග එනගමන් තිබ්බේ කියලා..


හැපී බර්ත්ඩේ ටූ යූ
හැපි බර්ත්ඩේ ටූ යූ
හැපී බර්ත්ඩේ ඩියර් ආර්යන්
හැපී බර්ත්ඩේ ටූ යූ

" මේක් අ විෂ්..... "

අක්කාගෙ ලයාන්විත කටහඩ තමයි හයියෙන්ම ඇහුනේ.. අර්ජුනයත් එක්කම අනික් අයත් මං වෙනුවෙන් අත්පුඩි ගහනවා ඇහෙද්දි මං මොකක් හරි විෂ් එකක් කරන්න ඕනෙ කියලා අක්කා ආයෙ කෑගැහුවා. ඇස් පියාගත්ත මට මතක් වුනේ ලියෝන්ව.. මං මගෙ ප්‍රාර්ථනාව එක්ක ඇස් ඇරලා වයස ගහලා තිබ්බ ඉටිපන්දමට පිම්බා...

 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now