Episode 6 🪁

1.1K 263 61
                                    

Episode 6


මං හිතන්නෙ එයාට ඒක සාමාන්‍ය දෙයක් වෙන්න ඇති.. බාප්පාගෙ ගෙදර අපි හැදුන විදිහ එක්ක මෙයා හැදිලා තියෙන්නෙ අමුතුම විදිහකට වගේ.. මට අනුන්ගෙ දේවල් වැඩක් නෑ තමා.. ඒත් අපි ඉන්නෙ පිට ගෙදරක.. අනික මේක අස්සෙ ගෑණුත් ඉන්නවා.. එහෙව් එකේ මෙහෙම සතෙක් වගේ හැසිරෙන එක හරිද...


මං හිතන්නෙ මං බිත්තියට පාරකුත් ගහලා අහපු දේ ඌට ඇහුනා.. ඒ නිසානෙහ් කිසි සද්දයක් නැතුව මීයට පිම්බාක් වගේ වුනේ.. වවුලෙක්ගේ ක්‍රී..ස්ස් ගාන කන් බීරි කරවන සද්දේ හැරුනම එහා කාමරේ එකාගෙන් කිසි සද්දයක් තවදුරටත් ඇහුනෙ නැති නිසා මං ඔලුවෙ ඉදන් ශීට් එක පොරෝගත්තා.. හෙන ගහන දාඩිය අස්සෙ..


" කොල්ලට ලැජ්ජ හිතුනද මන්දා.... "


ශීට් එක අස්සෙ තැම්බෙන ගමන් මට එහෙමත් හිතුනා.. ලියෝන් මට මූණ පෙන්නන්නේ නැතුව ලැජ්ජාවෙන් අහක බලාගෙන යනවා මැවිලා පෙනෙද්දි ශීට් එකේ කොනක් තිබ්බේ මගෙ දත් වලට අහුවෙලා.. හරියට නිකන් ඌට වඩා මට ලැජ්ජයි වගේ..


" ආර්යන් උබ මොකද නිකන් ගෑණු පාර්ට් දාන්න හදන්නෙ."


චටස් ගාලා මගෙ කම්මුලට පාරකුත් ගහගන්න ගමන් මං මටම බැනගත්තා.. බැංගලෝර් වල ඉදන් ආවෙ කේසර විහිදගත්ත සිංහයා වගේ.. ඒත් ඒ ආව ආර්යන්ට තිරුපති වලදි පොලු පාරක් වත් වැදුනද මන්දා.. Idk

" ස්‍රී..ස්ස්ස්... "

ශීට් එක අස්සට වෙලා මනෝ ගහන් හිටපු මගෙ අවධානේ බිදිලා ගියෙ ඇගත් හිරිවැටීගෙන එන සද්දෙකට.. අර මොකක් හරි හූරද්දි අපේ මවිල් කෙලින් වෙන්නෙ.. අන්න එහෙම ෆීලින් එකක් දැනිලා අතේ තිබ්බ හිරිකඩුත් ඔටෝව නැගලා තියෙද්දි ඒ සද්දේ මොකක් වෙන්න ඇතිද කියලා මං උපකල්පනය කරන්න ගත්තා..


ඔන්න ආයෙමත්.. හූරන සද්දයක්.. රෙද්ද ගුවන්ගත කරගෙන මං ඇදේ වාඩිවුනේ ලයිට් එක වත් ඔන් කරගන්නෙ නැතුව.. කවුරුහරි කාමරේ දොරේ ලොක් එක කඩන්නවත් හදනවද ? මං පරිස්සම් වෙන්න ඕන නිසා දොර දිහා කලුවරේම බලාගෙන ඉන්න ගමන් එක ඇහැක් යැව්වේ ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් වස්තුවක් හොයාගන්න.. ගන් එක නම් තියනවා ලග.. ඒත් ඕකෙන් බුලට් එකක් රිලීස් කරලා මේ ගෙදර මිනිස්සුන්ව බය කරන්න ඕනෙ නෑනෙහ්..


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now