Episode 12 🪁

971 253 70
                                    

Episode 12




මට ඒක හීනයක් වගේ.. තාමත් හීනයක් වගේ.. ඒ නිසාම මගෙ ඇගට තුරුල් වෙලා මාව තද කරගෙන බදාගෙන ඉන්න එයාව අතාරින්න බයයි.. හදිස්සියේ හරි ඒක හීනයක් විතරක් නම් මට වෙනවා එයා නැතුව ඒ හීනෙන් තනියම ඇහැරෙන්න.. ඒත්...


" ආර්යන්.. මට කියන්න මේක හීනයක් නෙවෙයි නේද කියලා... "


මං හිතපු දේම එයා අහද්දි හරි නම් මං පුදුම වෙන්න ඕනෙ.. මෙයා හිත් කියවන්න පුළුවන් කෙනෙක්ද කියලා.. නෑ.. මං හිතන්නේ මේක තමයි අපේ බැදීම.. මං හිතන්නෙ මොනවද කියන දේ පවා එයාට දැනෙන්න පටන් අරන්.. දැන් නම් මට හීනෙන් ඇහැරුනත් කමක් නෑ.. මොකද ලියෝන්ගෙ හදවතත් මං වගේම ආදරෙන් පිස්සු වැටිලා කියලා මට දැනිලා ඉවරයි...


" හීනයක් වුනත් කයිට්ස්.. ඔයාට පුළුවන් ඕන වෙලාවක මාව හොයන් ඉන්න.. මං අත්දෙක දිගෑරන් බලාගෙන ඉන්නවා ඔයාව මගෙ පපුවට තුරුල් කරගන්න.. "



එයා ගැන උපන්න අසීමිත ආදරේ නිසා මට කියවෙද්දි ඇස් උස්සලා එයා බැලුවෙ ලෝක පුදුම හිතෙන දෙයක් ඇහුවා වගේ.. ඒ වගේම එයාගෙ කටත් කුරුල්ලෙක් වගේ ඇරුනා.. වෙන වෙලාවක නම් හිතන්න තිබ්බා මේ උස මහත චණ්ඩියා මට නක්කලේ දානවා වත් කියලා.. ඒත් මෙහෙම ඉද්දි මට ඕනෙ නෑ වෙන දේවල් හිතලා මේ සුන්දර මොහොත නැති කරගන්න...


" ඔයා හරිම රොමෑන්ටික් නෙහ් අයියෝ.. ඇයි මට මේක කලින් නොහිතුනේ.. "


" අහ්හ්.. "


" කලින් තේරුනා නම් කාමරේට පැනපු දවසෙ අපිට මොනවාහරි කරන්නත් තිබ්... අහ්හ්හ්..  ආ..යියා. ආයියා..  කන.. කන.. මං ලෙඩෙක් යකූ.. මං ලෙඩෙක්... "


කට නම් තියෙනවා මොනවා නැතත්.. කාමරේට පැනලා කොරපු හරිය මදැයි.. ඒක මතක් වෙච්ච නිසාම ලෙඩා කියලා නොබලා කන අනික් පැත්තට මිරිකද්දි බැන්ඩේජ් නොකරපු අතින් මගෙ උරහිසට ගගහා කෑගහන්න ගත්තා..


" ලෙඩෙක් නම් ඒ වගේ ඉන්න එපැයි.. මට කියලා අතපය තලා ගන්න තමා ඔයා ලියෝන්.. "


" ඔහ්.. කෝ බලන්න... කුරුලු හොටෙන් කෑම කන මගෙ ආර්යන්ගෙ කට සුට්ටක්... "


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now