Episode 18 🪁

948 223 40
                                    

Episode 18



අපි හොද දවසක් ගත කරා.. ෆිල්ම් එකක බලලා ලන්ච් අවුට් ගිහින් තමයි ආයෙ ගෙදර ආවේ.. මගෙ ලියෝන්ට ලංවෙලා ඉන්න තවත් තිබ්බා නම් කියලා හිතුනත් අක්කාට එක දිගට ඉන්න අමාරු නිසයි එන්න තීරණය කලේ..


" අක්කා ඔයා ඉස්සෝ කන්න එපා.. සැරයි වගේ.. ලියෝන් අහ් ඔයා ගන්න.. "


ලන්ච් ලැබුනත් හරි මගෙ වැඩේ වුනේ කෑම ජාති තෝරන එක.. අක්කාට කන්න හොද මොනවද නරක මොනවද මං ඒ හැම ජාතිය හරි පරිස්සමට තේරුවා.. ලියෝන් ඉස්සො කන්න ආසයි කිව්ව නිසා ඒවා එයාට දීලා අක්කට වැඩිපුර බිත්තර දුන්නා..


" ඔය දෙන්නා කොහොමද යාලුවො වුනේ ? යුනිවර්සිටි එකේද ? නෑනෙහ් ඒත් ෆැකල්ටි වෙනස් වෙන්න ඇතිනෙහ්.."

මමයි ලියෝන් යි හිටියේ එලිමහනේ තිබ්බ ඒ කෑම මේසේ එක පැත්තෙ වාඩිවෙලා වෙද්දි අක්කා හිටියේ අපිට ඉස්සරහින්.. අක්කා අහපු දේත් එක්ක ලියෝන්ගෙ කලවය උඩ තිබ්බ මගෙ අත මං ඉක්මනට අහකට ගත්තා.. මේසේ නිසා පේන්නේ නෑ තමා.. ඒත් හදිස්සියේ හරි දැක්කොත්...


" න්... නෑ.. ලියෝන්ගෙ චිත්‍ර වල ෆෑන් කෙනෙක් මම "


මට මතක් වුනේ එයාව දැක්ක මුල්ම වතාව නිසා කියලා දාද්දි ලියෝන් මගෙ දිහා ඇස්ලොකු කරන් බලද්දි මං එයාගෙ කලවය තදට කෙනිත්තුවා අක්කට නොපෙනෙන්න. කෝවිලේදි  මුණගැහුනා..අරුණාචලම් අන්කල්ගෙ ගෙදර එකට හිටියා ඕවා කියන්න ගියෙ නෑ.. ඒවා ඕනෙ නෑ.. ඒවා පෞද්ගලිකයි.. රහසිගතයි..

" ඔහ්.. ලියෝන් ආර්ටිස්ට් කෙනෙක්ද ? මාව අදින්න බැරිද?"

" පුළුවන්.. අනිවාර්යයෙන් අදින්නම්.. "


අක්කාගෙ ඇස් ලියෝන්ගෙ මූණ පුරාම ගිහින් හිනාවක් දෙද්දි තමයි ටිකක් හරි මගෙ හිතට හරි ගියේ.. අපි ආයෙ ගෙදර යනකන්ම ලොකුවට කතාවක් ඇදුනේ නෑ. අක්කාට සීට් එකේ ඔලුව තියාගෙන නින්ද ගිහින් තිබ්බ නිසා මං එයාගෙ ඔලුව පරිස්සමට අරන් මගෙ උරහිස උඩින් තියාගත්දි එහාපැත්තේ හිටපු ලියෝන් එයාගෙ අත මගෙ අතේ පටලවගත්තා..

 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now