Final Episode 🪁

1.8K 284 124
                                    

Final Episode


මට තවත් දරාගන්න දුකක් ඉතුරු වෙලා තියනවා කියලා මං හිතන්නේ නෑ.. මනුස්සයෙක්ට වෙන්න පුළුවන් අමුම අමු දුක්ඛිත දෙයක් මගෙ ජීවිතේට සිද්ධ වුනේ.. පණ වගේ ආදරේ කරපු මිනිස්සු කීයක්ද.. මගෙන් ඈත් වෙලා ගියේ..


ඉතින් මගෙ අක්කාට එයාගෙ ජීවිතේ පූජා කරලා එයාගෙ වටිනාම වස්තුව පරිස්සම් කරන්න පුළුවන් වෙලා තිබ්බා. ඔව්.. මරණ පරීක්ෂණයෙන් හෙලි වුනා අක්කා සුයිසයිඩ් කරගෙන නෑ කියලා.. එයාගෙ යටි බඩට ඇනපු පිහිපාරකුත් බොඩි එකේ තිබිලා හම්බෙලා තිබ්බා.. එයාව මරලා එල්ලලා.. ගෙදරට ගිණි තිබ්බ ඒ කවුරු වුනත්.. මට හිතාගන්න අමාරු නෑ ඒ කවුද කියලා...


" කුක්කු ඔක්කොම බොන්න ඕනෙ ඉතින්.. නැත්තං කොහොමද ඔකු බබෙක් වෙන්නේ.. "


මේ සතිය පුරාම අක්කාගෙ දුව මගෙන් අතෙන් අයින් වුනේ නෑ.. එයාගෙ තාත්තා මමනෙහ් ඉතින්.. මට මගෙ ෆ්ලයිට් එක කොහොමත් මිස් වෙලා ගියා.. ෆ්ලයිට් වගේද මේ වුන දේවල් ඉතින්.. පුංචි ආයෙ එද්දි හැමදේම නැති වෙලා ඉවර වෙලා තිබ්බා..


" අර අම්මි ඔයා දිහා බලාගෙන ඉන්නේ.. අර බලන්නකෝ හිනාවෙනවා.. "

" ෆොතෝ.. ෆොතෝ... "


අක්කාගෙ මල් මාලේ දාපු හිනාවෙලා ඉන්න ලස්සන ෆොටෝ එක පෙන්නන ගමන් මං ස්වේතා අහකට දාලා කිරි බෝතලේ කටේ ගැහුවා.. එයා මේ ටිකේම කෑවා බීවා හරී හොරයි.. පුංචි නම් අඩාගත්ත ගමන්මයි එයාට දරුවව මතක වත් නෑ.. එයත් හරියට පටාචාරවක් වගේ..


විශ්වාස කරපු එයාගෙ හස්බන්ඩ් ජීවිතාන්තය දක්වා හිරේට නියමවෙලා. ආදරේ කරපු වැඩිමල් දුවට අකාලයේම ජීවිතෙන් සමුගන්න වෙලා.. කසාද බැන්ද දා ඉදන් ජීවත් වුන ගෙදර ගිනිබත් වෙලා.. මනුස්සයෙක්ට අඩන්න හේතු ඕනෙ තරම් තියනවා ඒක ඇත්තක්.. ඒත් එකම දවසක දරාගන්න බැරි හේතු මහ ගොඩක් ආවොත් මට හිතාගන්න බෑ ඒක දරාගන්න ඕන විදිහ..


අක්කාගෙ ෆියුනරල් එක අපි ගත්තේ හුගක් චාම් විදිහට.. මොකද මේ වෙද්දි මිනිස්සු අපිට හොදට සලකන්නේ නෑ.. හොද ගෞරව නාමයකින් සල්ලි යහමින් පුරවගෙන ජීවත් වෙද්දි කටපුරවලා හිනාවුන මිනිස්සු තවදුරටත් හිටියේ නෑ.. හැමෝම අපි දිහා බැලුවෙ අපරාධකාරයෝ විදිහට.. මේ පොඩි එකී දිහා පවා.. හොරාගෙ පැටියත් හොරා වගේමයි වගේ බැල්මක් තිබ්බේ..


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now