Episode 42 🪁

715 211 69
                                    

Episode 42

නාඩගම පටන්ගත්තා... හිතුවෙ වත් නැති විදිහට මාව සප්‍රයිස් පිට සප්‍රයිස් කරපු දවසක් වුනා ඒක.. මං එදා උසාවියට ගියෙ තනියම මොකද අක්කාව එක්කන් ආවේ නෑ දුව පොඩි නිසා.. පුංචිත් නෑ එයා මුම්බායි ගියා.. හැබැයි හොයාගන්න නැති වෙලා හිටපු බාප්පා සැකකාරයෙක් විදිහට උසාවියට ඇවිත් හිටියා..


එලියට් කොහොමහරි ඒක කරලා.. මිනිහා මං හිතුවටත් වඩා දක්ෂයි තමා.. නැත්තං බාප්පා හිටියේ කොහෙද කියලා මිනිහා හොයාගත්තේ කොහොමද ප්‍රශ්නයක් නොවී.. බාප්පට තිබ්බා වෙන රටකට පැනලා යන්න වුනත්.. ඒත් මං හිතන්නේ එයාට බයක් නැතුව ඇති එයා මේ මිනීමැරුමට වරදකාරයෙක් නොවන හින්දා.. මං විශ්වාස කරනවා අයියාවත් බාප්පාවත් මේකට සම්බන්ධ නැතුව ඇති කියලා..


" ඉන්ධර් ! ඔයාලගෙ ලෝයර් තාම නැද්ද ?"

" එලියෙ ඉන්නේ ඉක්මනට ඒවි.. "

මං ඇවිත් වාඩිවෙද්දිම උසාවිය ඇතුලට ඇවිදගෙන ආවේ ලෝයර් ඉන්ධර් ධවාන්.. පැටලෙනවා නේද දෙන්නෙක්ට එකම නම තියෙද්දි. මැරුන ඉන්ධර්ගෙ වැඩිමල් පුතාගෙ නමත් ඉන්ධර්ම තමා. මොකක් නිසා එහෙම නමක් දැම්මද කියන්න දන්නෑ හැබැයි තාත්තටයි පුතාටයි තියෙන්නෙ එකම නම.. ඒ නිසයි මෙච්චර දවස් ඉන්ධර්ලා ගොඩක් මගෙ ඔලුව වටේ කරකැවුනේ..


" වින්දිත පාර්ශවයේ නීතිඥතුමා තාමත් නැද්ද ? "


විනිශ්චකාරතුමා එයාගෙ සගයන් දෙන්නෙක් එක්ක ඇවිත් වාඩිවෙන ගමන් අහද්දි විත්තියේ ලෝයර් ( අපේ ලෝයර්) මං හිටපු පැත්ත හැරිලා බැලුවා.. අයියා වෙනුවෙන් කතා කරන්නේ අපේ ෆැමිලි ලෝයර්.. මං නම් කියන්නෙ බාප්පාට තිබ්බා ඔයිට වඩා හොද කෙනෙක් අල්ලන්න. අපේ ලෝයර් දැන් වයසයි අනික එයාට වඩා ස්මාර්ට් කෙනෙක් විරුද්ධ පාර්ශවයට ආවොත් අයියට අවාසීයි නෙහ්..


මං මුලින්ම හිතුවෙ ලෝයර් ඉන්ධර් ඇවිත් හිටපු නිසා එයා තමයි වින්දිත පාර්ශවය වෙනුවෙන් කතා කරන්නේ කියලා.. නෑ ඒත් එයා ගැලරියෙ ඉස්සරහින්ම වාඩි වුනේ හෙන සතුටු මූණකුත් එක්ක.. එයා අද ප්‍රේක්ෂකයෙක් වගේ..


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now