Episode 36 🪁

677 204 71
                                    

Episode 36



" මං ලෝයර් කෙනෙක් කියන එක අමතක කරන්න එපා එලියට් !! උබ එස් අයි වුනාට මට වැඩක් නෑ "

" අහ් එයත් ආවද ? කොහෙත්ම මාව බලන්න එන්න ඕනෙ නෑ. මට පාඩුවේ ඉන්න දෙනවා !!!! "

" ඔව් ආදරෙන් අන්ධ වෙලා ඇයි තමුසෙ අභිමන්යු එක්කත් මොකක්ද නාඩගමක් නැටුවා නේද ?? තමුසෙ හිතනවා වගේ ඌ කොහෙත්ම මෝඩයෙක් නෙවේ !!! "

" ඇරෙස්ට් බැරි නම් ඕන මගුලක් !! "


මට ඇහුනේ ලියෝන් කියන දේවල් විතරයි.. කේන්තියෙන් කෑගහපු ලියෝන් කෝල් එක කට් කරා වේගයෙන් හුස්ම ගනිද්දි මං අත්දෙක බැදගෙන එයාගෙ පිටිපස්සට වෙලා බලාගෙන හිටියා.. ඒ ඇහුන දේවල් එක්ක මේ වෙද්දි මට මුකුත්ම දැනෙන් නෑ. අතරමං වුනා වගේ හැගීමක් හිත අස්සෙ කකියනවා..


" අහ් ! ආර්යන් !! ඔයා කොයි වෙ- "

" ඔයා කවුද ? "


ලියෝන් හැරෙද්දිම එයා බලාපොරොත්තු නොවුන විදිහට මාව දකිද්දි ඇති වුන තිගැස්ම එක්ක පපුවට අත තියාගත්තා. එයා ගොතගහනවා.. ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි.. එයාට තේරෙන්න ඇතිනෙහ් මට ඒ කිව්ව දේවල් සේරම වගේ ඇහුනා කියලා.. ඉතින් මට තිබ්බෙ එකම එක ප්‍රශ්නයක් විතරයි.. ඒ එයා කවුද කියන එක !


" ආර්යන්.. ලෙට් මී එක්ස්ප්ලේන් යූ  ! "

" තවත් බොරුවක්ද ? තව කොච්චර කියන්න හිතන් ඉන්නවද ?"


එයාගෙ ඇස්ලොකු වුනා. මොකද මගෙ මූණ ඒ තරම් නපුරු පාටට පේන්න ඇති.. පුළුවන් තරම් සන්සුන් වෙලා ඉන්න උත්සහ කරාට මගෙ හිත මහ හයියෙන් කෑගහනවා. මං ලොකු මුලාවක වැටිලා කියලා..


මොකද මං බාත්රූම් එක ඇතුලට යන්න කලින් අහද්දි නොදැන හිටපු එලියට් විනාඩි පහක් වගේ ඇතුලත දැනගෙන ෆෝන් නම්බර් එකත් හම්බුනා නම් ලියෝන් සුපර් මෑන් වෙන්න ඕනේ.. මාව කේන්තියෙන් පුපුරනවා ඒත් අත් මිටමොලවගෙන මං කේන්තිය උපරිම පාලනය කරගෙන හිටියා.


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️حيث تعيش القصص. اكتشف الآن