Episode 31 🪁

706 200 46
                                    

Episode 31

දවල් කෑමෙන් පස්සෙ මීනාගෙ අම්මා නිදාගන්න ගියා.. එයා අසනීපෙකට බෙහෙත් ගන්න නිසා නිදිමත හැදෙනවාලු.. අද මෙහෙ ඉදලා හෙට යන්න කියලා එයාගෙන් වදේ බැරි තැනම මං හා කියලා කිව්වා.. ඒත් ලියෝන්...


අන්කල් ලියෝන් වගේ එයාගෙ යාලුවෙක් හිටියා කියද්දි මට ලොකු පුදුමයක් දැනුන් නෑ.. ඒත් ඒ නම ? කොහොමද ඒ නමම වෙන්නේ ? ඉන්ධර් ! අන්කල් කිව්වෙත් එහෙම කෙනෙක් ගැන.. මට හිතාගන්න බෑ ලෝකේ මෙච්චර නම් තියාගෙන අන්කල් ත් ඒ නමම මොකට කිව්වද කියලා..

" එහෙමද ? එක වගේ අය කොච්චර ඉන්නවද අන්කල්.. "


ඕක තමයි ලියෝන් හිනාවක් දෙන ගමන් දුන්න උත්තරේ.. ඒත් මගෙ ඇස් නම් එයාගෙ පොඩි වෙනස්වීමක් ගැන හොද කල්පනාවෙන් හිටියේ.  මොකද ඊටපස්සෙ ලියෝන් කෑම එක සෑහෙන්න වෙලාවක් අතගෑවා.. කෑවේ නෑ. එයා හිටියෙම ලොකු කල්පනාවක.. අන්කල්ට මුකුත් නොදන්න නිසා එයා මාත් එක්ක කතාවට වැටුනත් මගෙ ඇස් වැටිලා තිබ්බෙ ලියෝන් දිහාට විතරයි...


" ආර්යන්.. වෝටර් මෙලන්.. "


ප්ලේට් එකක කෑලි කපලා ගෙනාව කොමඩු මීනා මට දෙද්දි මං මුකුත් නොකියා ප්ලේට් එක අතට ගත්තා.. ලියෝන් ෆෝන් එක කනේ තියාගෙන මෙතනින් එලියට ගියා ගියාමයි දැන් සෑහෙන වෙලාවක්.. මොකා එක්ක කතා කරනවද මන්දා.. මට එයාව සැකකරන්න ඕනෙ නෑ ඒත් මට නිකරුනේ මගෙ හිත රිද්දගන්න ඕනෙ නෑ..


" මං කන්නම්.. ලියෝන්ව බලලා එන්නම්.. "


" එයා කෝල් එකක නේද.. ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක වෙන්න ඇති.. ඩෝන්ඩ් ඩිස්ටර්බ් ! අප්පාට ඔයා එක්ක කතා කරන්න ඕනෙ කිව්වා.. ෂැල් වී ? "


ආයිශ්.. ගර්ල්ෆ්‍රෙන්ඩ්.. මොන ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලාද ඌට.. එහෙම හිටියා නම් කෙල්ලෙක් නිසා මාව රැවැට්ටුවා කියලා වත් හිත හදාගන්න තිබ්බා.. ඒත් අපි වටේ මේ සිද්ධ වෙන දේවල් ගැන මට හොදක් දැනෙන් නෑ දැන්..


මීනාට ටිකක් ඉන්න කියලා මං දොරෙන් එලියට ඔලුව දාලා බලද්දි ලියෝන් මල් ගහක කොල කඩ කඩා බිම දාන ගමන් බර කතාවක්.. බලාගෙන ඉන්න එකෙක්ට හිතෙන්නේ මූ ලව් කරනවා කියලා තමා.. අපරාදෙ අර ලස්සන ගහේ කොල ටික.. මීනාගෙ අම්මා දැක්කා නම් බෙහෙත් ගන්න ලෙඩේ වැඩිවෙනවා.


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now