Episode 20 🪁

798 236 63
                                    

Episode 20


ලියෝන් පුළුවන් වෙලාවට වෙනසක් නැතුව මට කෝල් මැසේජ් කරා.. මට අර්ජුන් වුනත් කිව්වේ ලියෝන් උසාවි යනවා ෆලෝ කරා කියලා.. ඒ නිසා මට දිල්ලි ගිය එයා ගැන බයවෙන්න ලොකු දෙයක් නැති වෙද්දි අපේ ලෝයර්ට කතා කලේ අක්කාගෙ දික්කසාදය ගැන...


දවස් දෙකකට පස්සෙ යෙදුන අක්කාගෙ දික්කසාද නඩුව පටන්ගත්තේ හවස 3 ට වෙද්දි අපේ පවුලේ හැමෝම උසාවියට ගියා.. අක්කා සුදු සල්වාර් එකක් ඇදගෙන ස්කාෆ් එකකින් ඔලුව වහගෙන හිටියේ.. එයා ගොඩක් උත්සහ කරා එයා හොදින් කියලා හැමෝටම පෙන්වන්න...


දික්කසාදය ඉල්ලලා කේස් එකක් ෆයිල් කරපු රන්වීර්ගෙ පාර්ශය වින්දිත පාර්ශවය වුනා.. අක්කා වෙනුවෙන් අපේ විත්තිය පාර්ශවයට කතා කලේ අපේ ෆැමිලි ලෝයර්.. විරෝධතා දෙපාර්ශවයෙන්ම තිබ්බෙ නැති නිසා දික්කසාදය ගන්න පුළුවන් වුනා...


" මේක හොදටම විශ්වාසයිද ? තරුණ අය විදිහට ප්‍රශ්න ඇති වෙනවා තමයි.. ඒත් එක පාරක් හිතලා බැලුවා නම්..."


නඩුකාරතුමා අක්කාගෙ මාස ගානක කුස දැකලාද කොහෙද තීන්දුව දෙන්න කලින් අහද්දි මට බැලුනේ එහාපැත්තේ රන්වීර් ගාව වාඩිවෙලා හිටපු කොල්ලා දිහා. එක අතකින් මට ඒ මිනිහා එක්ක කේන්තියි.. ඇත්තටම ආදරේ කරනවා කියන්නෙ දරුවෙක්ට තාත්තෙක් නැති කරන එකද ? අක්කා ඉන්න තත්ත්වය දැක දැක එයාගෙ පැත්තෙන් විතරක් ආත්මාර්ථකාමී වෙන්න කොහොම හිතුවද මන්දා...


" ඔව් ස්වාමිනී.. මගේ සේවාදායක නේහා අග්‍රවාල් දික්කසාදයට කැමතියි.. ඇයට පුළුවන් ලැබෙන්න ඉන්න දරුවා තනියම හදාවඩාගන්න.. "


අපේ ලෝයර් විනිසුරුතුමා ඉස්සරහා ආචාරශීලිව කතා කරද්දි මට හදිස්සියේ හිතුනා මගෙ ලියෝන් ත් මෙහෙම වෙන්න ඇති කියලා කතා කරන්නේ.. ඌට මහ සක්කිලි කටක් මගෙ ලගදි තිබ්බට උසාවියෙදි ඇති හෙන ලොකු සීන් එකේ..


" හොදයි.. රන්වීර් යන වින්දිත පාර්ශවය නේහා යන විත්තියෙන් ඉල්ලූ දික්කසාදය ඔබට ලැබෙනවා.. නඩුව අවසානයි.. "


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now