4th part

372 53 8
                                    


" අහපංකෝ වැදගත්ම දේ ඒක නෙවෙයි... යසිරුවාට මතකයිලු මාලයක් තිබ්බා කියලා ගහපු එකාගේ බෙල්ලේ... ඒක හොයා ගන්නකල් තමා මුං සිහිය ඇවිත් නෑ වගේ සද්දේ වහලා ඉන්නේ... අද හොස්ටල් එකම පීරනවා කියලා තමා ආරංචිය.. "

"පොඩි හාදයා හොස්ටල් එකේ නෑනේ බං... ඒත් ඉස්කෝලේ ඇතුලේදි ළමයිව චෙක් කලොත් තමා සීන් එක... "

" අපිමනේ චෙක් කරන්නේ චෙක් කරොත්... ඒත් උදේ පිනා මීටිමේදිවත් ඔහොම සීන් එකක් කිව්වේ නෑනේ... "

" ඒකතමා බං මටත් තියෙන ප්‍රශ්නේ ඔහොම සීන් එකක් තියෙන්වානම් පිනා ෆ්‍රිෆෙක්ට්ලාව හරි දැනුවත් කරනවානේ.."

පංතියට ආවට පස්සේ සතියා කිව්ව දේවල් නිසා මගේ පපුව එකසිය ගානට ගැහෙන්න ගත්තා... දෙයියනේ ගඟනව අහු උනොත් උං මරයි... යසිරුවාගේ පව්ල එසේ මෙසේ පව්ලක් නෙවෙයි... මට පිස්සු වගේ දැන්නම්...

සී.අයි.ඩී. මොළයක් තිබ්බ අදියාට වත් හිතා ගන්න බැරි උනා ප්‍රින්සිපල් මීටිමේදි අපිට ඔය ගැන නොකිව්ව හේතුව.

" අඩේ ඉස්කෝලේට පොලීසියෙන් ඇවිත් බං... "

" සියලූම සිසුන් පංතිකාමර වලම රැදී සිටින්න... /// "

" මචං ශෙනුවා... මුං එසේ මෙසේ හෙවිල්ලක් නෙවෙයි වගේ හොයනේ බං... "

" අඩේ ශෙනිරු... හු## තෝ මොන සිහියෙන්ද ඉන්නේ ප#... අන්න පොලිසියෙන් ඇවිත්ලු... "

" ඌට ඇහෙනවා මිනිහෝ... කෑ ගහන්ඩ එපා තෝ හිතුවද ඌ බීරී කියලා... "

" මේ අහපං මං දැන් යනවා ගඟන හොයාගෙන මට බෑ ඌ අහුවෙලා අඩු වයසින් ස්වර්ගස්ත වෙනවා බලන්න... "

" උබ කොහෙද යන්නේ ප# ඓකෙක්ට වත් පංතියෙන් එලියට යන්ඩ එපා කියලා තියෙන්නේ... "

කල්පනාවක හිටිය මං ගැස්සිලා ගියේ දුන්න එනව්න්ස්මන්ට් එකටයි අපේ පංතියේ කොල්ලෙක්ගේ කෑ ගැහිල්ලටයි... වයිසා දුන්න එනව්න්ස්මන්ට් එකේ හැටියට කිව්වේ පංතිකාමර වලම රැදී සිටින්න විතරයි පොලීසියේ සීන් එකක් ගෑවිලා වත් තිබ්බෙ නෑ... අපේ පංතිය තිබ්බේ ඉස්කෝලේ ගේට් එක ගාවම වගේ නිසා අපේ එකෙක් දකින්න ඇති පොලීසියෙන් ඇවිත් ඉන්නවා ඒත් ආර්ට් එක තියෙන්නෙ ගොඩක් ඇතුලේ ගඟන මේ මොකවත් දන්නේ නැතුව ඇති... දෙයියනේ දැං මොකද කරන්නේ...

OUR STORY ( YIZHAN )Onde histórias criam vida. Descubra agora