23rd part

241 29 2
                                    


චූටි කෙල්ලත් එක්ක කාමරේට ගිය මට ආය ඉස්සරහය යනවද නැත්තම් මේකෙම ඉන්නවද කියලා හිතාගන්න බැරුව හිටියේ... ඒත් ශෙනූගෙ ආරක්ෂාව ගැන හිතලා මං චූටි කෙල්ලව කාමරෙන් තියලා ආයෙම ශෙනූ ගාවට ගියා...

මං යද්දි ශෙනූට ටිකෙන් ටික සිහිය එන්න යන්නෙ... ඒත් දැන් ශෙනූට සිහිය ආවොත් ශෙනූ මේ හැමදේ ගැනම දැන ගන්නවා... එයා කොහොම මේ වගේ දෙයක් දරාගනීද කියන්න මට විශ්වාසයක් තිබුනෙ නෑ... අනික එක්සෑම් එකට මාස කීපයක් තිබ්බ නිසාමයි මං මේ කතාව එයාගෙන් හැංගුවෙ... මට ඕනි නෑ මේ ප්‍රශ්න නිසා ශෙනූ එක්සෑම් අනාගන්නවා දකින්න...

" මේක හොදට අහගන්න මහත්තයා... දැන් ශෙනූට සිහිය එයි... ඒ නිසා ඔයාලා මෙතනින් යන එක තමා හොද... මං කැමති නෑ එයා එක්සෑම් කටේ මේ වගේ දෙයක් දැනගෙන හැමදේම අවුල් කරගන්නවට... "

" තමුන් කවුද එයා ගැන තීරණ ගන්න..."

" මං කවුරු උනත් ඒක මෙතෙන්ට අදාල වෙන දෙයක් නෙවෙයි මහත්තයෝ... මෙතෙන්ට දැන් අදාල වෙන එකම දේ තමුන්ගෙ මුණුපුරාගෙ අනාගතේ විතරයි... ඒ අනාගතේ විනාස නොකර ගියානම් නේද හොද... "

" සීයේ... ගඟන අයියා කියන එක ඇත්ත... සීයා දැන් යන්න මාත් අයියට මේවා තවම හංගන් ඉන්නෙ එක්සෑම් ඉවර වෙනකල්... මට මේ වෙලාවෙ උදව් ඉල්ලන්න වෙන කෙනෙක් මතක් උනේ නෑ සීයේ... අපේ යශා අයියා හොස්පිට්ල් ගියා... "

" ඒ කොල්ලා මොකටද හොස්පිට්ල් එකේ... "

" එයාලගෙ යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා... "

" කවුද... අසිත පුතා... "

" සදුනි අනුපමා කියලා කෙනෙක්... මහත්තයා දන්නවද දන්නෑ... මට ඒක් අදාලත් නෑ... කරුණාකරලා දැන් යන්න මගේ අම්මා අවොත් මෙතන ඊට වඩා විනාසයක් වෙන්න පුලුවන්... "

" අජේ... යමු... "

මං දන්නෑ මට මෙහෙම කතා කරන්න කොහෙන් හයිය ආවද කියලා... මට වඩා සෑහෙන්න වැඩිමල් වලව් හාමු කෙනෙක් වෙච්චි විවේන්ද්‍ර හාමුට  මං කතා කරපු හැටි මටත් පුදුමයි...

" අයියා දැන් ටිකෙන් ටික නෝමල් වෙනවා... එයා නැගිට්ටම මේ බෙහෙත් ටික දීලා නිදි කරවන්න කිව්වා... "

OUR STORY ( YIZHAN )Where stories live. Discover now