50th part

34 5 0
                                    

වතුර තිබහක් ආව නිසා වෙනදට වඩා උදෙන්ම මාව ඇහැරුණා... ගෙදරින් කම්පැණි එකටයි ආය ගෙදරටයි ආව මං දැන් ෆ්‍රී කියලා දැනෙද්දි මට තිබ්බේ පුදුමාකාර සතුටක්... වෙනදා මං ඇහැරෙන්නේ එයා තේ එක ගෙනල්ලා කතා කරාම උනත් අද මං එයාටත් කලින්ම නැගිට්ටා... අසනීප වෙලා පණ නැතුව ඇදට වෙලා ඉදලා ගිය සතිය ගෙවිලා ගියත් අදනම් මගේ ඇගට පණක් දැනුනා...

වෙනදානම් සදුදා කියන්නේ මට පේන්නම බැරි දවස උනාට අදනම් සදුදා කියන්නේ මං ආසම දවසක්... ඒකට හේතුව මට තාත්තිලාගෙ පූර්ව අවසරය ඇතුව දේව් සීයාගෙ බොඩිගාඩ් ට්‍රේනින් සෙන්ටර් එකේ වැඩ කරන්න යන්න පුලුවන්... විවේන්ද්‍ර හාමුට නටාගන්න කියලා මගේ සුදු මහත්තයා මං වෙනුවෙන් අවසර අරන් දුන්න නිසා ආය කම්පැණි එකට කතා කරත් මංනම් පලාතේ යන්නෑ කියන ඒකමතික තීරණේ හිටියා...

" මැණික... අද කලින් නැගිටලා... "

" වතුර තිබහක් ආවනේ... "

වතුර තිබහක් ආවත් මං ඇදෙන් බහින්නෙත් නැතුව එයාගෙ තුරුල්ලටම වෙලා කල්පනා කර කර හිටියේ පහු ගිය ටිකේ උන දේවල්... එයා වෙනදාත් නැගිටින්නේ මේ වෙලාවට නිසාද කොහෙද එයාට එලාම් එකටත් කලින් ඇහැරුනා...

" එලාම් එක වැදුනේ නෑනේ... "

" මට දැන් මේ වෙලාවට නැගිටලා පුරුදුයි මැනික... "

පහු ගිය කාලෙ මට ගොඩක් දේවල් මගෑරිලා... ඒත් අද ඉදන් හැමදේම මං ගානට බැලන්ස් කරගන්න ඕනි කියලා හිතලා මං නැගිට්ටේ උදෙන්ම කුස්සියෙන්ම වැඩ පටන් ගන්න... එයාට හාදුවකුත් දීලා මං ඇදෙන් නැගිටිත්දි එයත් මගේ පස්සෙන් ආවේ තාත්තා අපි දෙන්නා දිහාම පුදුමෙන් බලන් ඉද්දි...

" ආ කොල්ලෝ දෙන්නා... මොකෝ මේ අපේ එක උදෙන්ම නැගිටලා... "

තාත්තා මං උදෙන්ම නැගිට්ට එක අහද්දි එයාටත් හිනාවක් දීලා මං ගියේ කුස්සියට... එයාට ආව කෝල් එකක් නිසා එයා කෙලින්ම ෆෝන් එක කනේ ගහගෙන සාලෙට යද්දි මං හදපු කිරි එකත් අරගෙන එයා ගාවට ගියා...

" ම්න්... එන්නම්... සීරෝ එයිට් එක ගාවනේ... ම්න්... "

" සුදු මහත්තයා... "

OUR STORY ( YIZHAN )Where stories live. Discover now