25th part

266 29 7
                                    


" අයියේ... ඉන්න මං චූටිව ගන්නම්... "

" කමක් නෑ බං දැන් බෙල්ල අතාරින එකක් නෑ... ඔහොම හිටපුදෙන්... කෝ යශා... "

" නානවා... මං දැක්කමයි යශා අයියා අඩනවා අයියේ... "

" හ්ම්ම්... මාත්... අක්කව ඉක්මනට හොයාගන්න පුලුවන් වෙන්න කියලා පතනවා... "

" නූඩ්ල්ස් ටික හරි... "

" මං අම්මව ඇහැරවන්නද... "

" ම්න්... මං සර්ලා එක්කන් එන්නම්... "

ඇගසෝදලා ආව සුදූ චූටි කෙල්ලව මගෙන් ගන්න ගියත් කෙල්ල මගේ බෙල්ලෙන් අයින් වෙන්න කැමැත්තක් නැති නිසා මං නංගිට කමක් නෑ හිටපුදෙන් කිව්වා... යශා අයියා තවම නානවා කිව්වත් එක්කම සුදූ කිව්වෙ යශා අයියා කවදාවත් මේ වගේ අඩනවා දැකලා නෑ කියලා...

ඇත්ත... මාත් කිසි දවසක දැකලා නෑ යශා අයියා මේ වගේ අඩනවා... මේ තරම් කඩා වැටිලා ඉන්නවා... යශා අයියා විතරක් නෙවෙයි මං වත් මේ තරම් කඩා වැටුන දවසක් මතකෙ නැති තරම්... මට සෑහෙන්න දුකයි කේන්තී... චූටි කෙල්ලත් මගේ තත්වෙටම වැටෙනවා නේද...

මට තාත්තා මගේ සුදූ ඉන්නවා ඒත් චූටි කෙල්ලට ඒ කවුරුත් නෑ නේද... ගඟනගෙ අම්මා කැමති වෙයිද චූටිව බලාගන්න... ගෙදර කවුරුත් ඇත්තෙත් නෑ දවල්ට මගේ හිතේ දහසක් ප්‍රශ්න... ඇලිස් නැන්දා කවදා ආය එයිද... අක්කාට හරියටම මොකද උනේ... මේ දේවල් කල්පනා වෙද්දි මගේ ඔලුව පැලෙන්න තරම් රිදෙනවා...

කල්පනාව පිටම මං ඉද්දි නංගි ගඟන එක්ක එකතු වෙලා නූඩ්ලස් හදලා ඉවර වෙලා නැන්දව ඇහැරවගෙන එන්නම් කියලා යද්දි ගඟන සර්ලා එක්ක එන්නම් කියලා ගියා... මං චූටි කෙල්ලව බෙල්ල අස්සෙ නිදි කරවගෙන ප්ලේට් එකට හේත්තු වෙලා කල්පනා කර කර ඉද්දිම ගඟන ආවා...

" එන්නම් කිව්වා... මොනාද ඔය හැටි කල්පනා කරන්නෙ... "

" කල්පනා කරන්න දේවල්ද නැත්තෙ ගඟන... චූටිට මොකද වෙන්නෙ... එයාව කොහොමද බලාගන්නෙ ගඟන... අම්මත් නෑ නේද දවල්ට... "

" අපි මොකක් හරි කරමු මැණික... දැන් ඔය හිතන ඒවා නවත්තන්නකෝ... ඔයා අසනීප වෙයි ඔහොම ගියොත්... "

OUR STORY ( YIZHAN )Where stories live. Discover now