22nd part

255 33 4
                                    


හැමෝම තේ බීලා ඉවර උනාට පස්සෙ වැස්සනම් පායලා තිබුනා... අසිත සර් අපේ යශා එක්ක පොඩ්ඩක් කඩේ පැත්තට ගිහින් එන්නම් කියලා යද්දි නැන්දා උයන වැඩ වලට කියලා කුස්සියට ගියා... අපි සෙට් එක ඉස්සරහ පුටුසෙටියට වෙලා වාඩි වෙලා ඉද්දි මං බැලුවෙ අපේ අදියා දිහා... ආව වෙලාවෙ ඉදන් ඌ ඉන්නෙ මොකක් හරි අවුලකින් කියලා මට හිතුනෙ වෙනද කියවන කටර් එක අද වැහිලා නිසා... මේ වෙලාවෙ මොකුත් අහන්නත් බැරි නිසා මාත් සතියගෙයි ගඟනගෙයි කයියට බැස්සා... අපේ සුදුත් මොකාද වගේ කටත් ඇරගෙන අහගෙන හිටියෙ එයාට මේ වගේ දේවල් අලුත් නිසා වෙන්න ඇති...

" සුදූ ඇයි එක පාරටම තාත්තා මෙහෙට මාරු උනේ කියලා කිව්වෙ නැද්ද ඔයාට..."

" ම්හ්... මට කිව්වෙ ඔයාලගෙ එකට ඉස්සරහ තියෙන බාළිකාව හොදයි ඒකට දැන්ම ඉදන් යන එක තමා හොද ඒලෙවන් වලින් පස්සෙනන් ඒකට යන්න සෑහෙන්න කට්ටක් කන්න වෙයි කියලා... "

" එතකොට ගේ ගත්තෙ කවද්ද... "

" ඒකනන් මාත් දන්නෑ... ගේ ගත්ත එක අපිට සප්‍රයිස් එකක් විදියට තියාගත්තා කියලා තමා කිව්වේ... "

සුදූ කිව්ව දේවල් එක්ක මට සෑහෙන්න කල්පනා කරන්න වෙනවා තාත්තගෙ හදිස්සි වෙනස් වීම ගැන... මං අහලා තියෙන විදියට තාත්තා කවදාවත් කැමති උනේ නෑ නංගිව මේ පැත්තට එවන්න... මං මෙහෙ ඉස්කෝලේ යද්දි උනත් තාත්තා නංගිව එහෙ ඉස්කෝලේම තිබ්බෙ ඒ නිසා... ඒත් එයා මෙහෙම හදිස්සියේම මෙහෙන් ගෙයක් අරං පදිංචි වෙන්න හේතුව මොකද්ද... මට හැමදේම මුල ඉදන් හොයන්න වෙනවා...

අම්මගෙ පවුලෙ අය එක්කත් තාත්තා වැඩි ආශ්‍රයක් නැත්තෙ මගේ අම්මා අර විවේන්ද්‍ර හාමුලාව දුරින් නෑයො වෙන නිසා කියලා තමා කිව්වේ... ඒහෙම වෙලා තියෙද්දිත් ඇයි නංගිව මේ වගේ පැත්තකට ගෙනාවෙ කියන එක තමා මට තියෙන ප්‍රශ්නෙ...

කොහොම හරි ඕවා හිත හිත ඉද්දි ගඟන කාමරේට යනවා දැක්ක නිසා මාත් එයාගෙ පිටිපස්සෙන් ආවා... මං දැක්කෙ නෑ නංගි මගේ පිටි පස්සෙන් එනවා... මං දුවලා ගිය ගමන් ගඟනගෙ කරේ එල්ලුනා...

" ඕයි මට අර කිව්ව ග්‍රැජුවේශන් ෆොටෝ එක බලන්න ඕනි... "

" ෂ්ෂ්ෂ්... කෑ ගහන්න එපා මනුස්සයෝ..."

OUR STORY ( YIZHAN )Where stories live. Discover now