6th part

384 49 4
                                    


අදියයි මායි දෙන්නා ප්‍රිෆෙක්ට් රූම් එකට යද්දිම වගේ වයිස් ප්‍රින්සිපල් සර් දේශනේ දෙන්න පටං ගත්තා... අපි බය වෙලා හිටියේ අපි විතරයි පංතියෙන් පිට ගිහින් හිටියේ කියලා... බැලින්නම් නිසලා ටොයිලට් එකට ගිහින් මාට්ටු වෙලා... තව එකෙක් කැන්ටිමට ගිහින් කාකා ඉදලා මාට්ටු වෙලා... කොට වයිසාට නැගපු එක සාදාරනයි වගේ...

යසිරුගේ සීන් එක හෙනට ඇදෙනවා වගේ... පොලීසියෙන් ඇවිත් චෙක් කරන්න තරම්... යසිරුගේ පවුල එසේ මෙසේ පවුලක් නෙවෙයි... මෙහෙ තියෙන මංචනායක වලව්ව යසිරුගේ සීයාගේ... නමින් කිව්වොත් විවේන්ද්‍ර හාමුගේ... යසිරුගේ සීයාට ඉදලා තියෙන්නෙ නිවුන් ළමයි දෙන්නෙක්ලු... නෝනා ළමයි ඉපදෙනකොටම නැති වෙලාලු... එක්කෙනෙක් ගෑනු ළමයෙක්ලු... එක්කෙනෙක් පිරිමි ළමෙක්ලු... යසිරුගේ තාත්තා තාමා පිරිමි කෙනා... නම ආගෙශ් මංචනායක... ගෑනු කෙනා ගැන හරි හැටි සදහනක් නෑ කියනවා... ගොඩක් අය කියන විදියට එයා කාර් ඇක්සිඩන්ට් එක්කින් මැරිලා කියලා තමා කියන්නේ...
යසිරුගේ තාත්තාව මං දෙතුන් පාරක් දැකලා තියෙනවා... ඒත් සීයාව එක පාරක් වගේ...

පට්ටම සල්ලිකාරයො... මෙහෙ ටවුන් එකේ තියෙන ගොඩනැගිලි බාගෙට බාගයක්ම අයිති එයාලටලු... මේ ඉස්කෝලේ ඉඩම පවා අයිති යසිරුලාගේ සීයා විවේන්ද්‍ර හාමුටලු... මෙහෙ තියෙන ලොකුම හොටෙල් එක , ශොපින් මෝල් එක , ටී ෆැක්ට්‍රි එක පවා අයිති මංචනායක පවුලට... ඒත් ඒ දෙන්නම හරි ගුප්ත චරිත කියලා තමා ගොඩක් අය කියන්නේ... වැඩිය එලි පෙහෙලියට එන්නෙ නැතිම තරම්... ඉස්කෝලේ ගොඩක් උත්සව වලට පවා එන්නේ යසිරුගේ අම්මා අනෝමා අත්තනායක...

යසිරුගේ අම්මලාගේ පවුලත් සෑහෙන්න සල්ලි තිබුන පවුලක්ලු... මේ පැත්තෙන් දෙවනියටම සල්ලිකාරයෝ තමා ඒ පවුල... ඒත් වලව් පැලැන්තිය නෙවෙයි... ආගේශ් මංචනායකගේ දෙවනි කාසාදෙලු අනෝමා අත්තනායක කියන්නේ... ආගේශ් මංචනායකගේ පළවෙනි කසාදෙ අනෝමගෙම අක්කා උන නිතුනි අත්තනායකලු... දෙවනි දරුවා ලැබෙන්න ඉද්දි හදිස්සියේම නැති උනා කියලා තමා කට්ටිය කියන්නේ... ඒ කසාදෙන් ආගේශ් මංචනායකට පුතෙක් ඉන්නවලු විහග එරංදක මංචනායක කියලා... මංචනායක පවුලේ හොටෙල් එක බලාගනේ එයාලු... මොනා උනත් ඒ මුලු පවුලම හරිම ගුප්ත පවුලක්...
.
.
.
.
.
.
.
.
.
.

OUR STORY ( YIZHAN )Where stories live. Discover now