11th part

291 39 7
                                    


" මොන දේවාලෙකද බං ගියේ මෙච්චර පරක්කු වෙන්න... "

" දේවාලෙක ගියෙ නෑ ප#... ස්පෝට් රූම් එකට ගියේ... "

" උබ මොකටද කවදාවත් නැතුව ඒකට ගියේ... උබ සාමාන්‍යයෙන් ස්පෝට්ස් කරන එකෙක් යෑ... "

" මට නිවාසයක් දාලා තිබ්බෙ නෑ... ඒක කියලා නිවාසයක් දාගන්න ගියේ... "

" අඩෝ ගඟනයා අලුත්නේ... මට අමතක උනා ඒක... "

" මල්ලි මොන නිවාසෙද... "

" පලවෙනි එකේ... "

" අඩෝ ශෙනුවා නහයෙන් අඩ අඩ හිටියේ කවුරුත් නෑ කියලා... දැං ඉතින් ඒකත් හරිනේ... "

" කාලා යමන් ඉක්මනට ග්‍රවුන්ඩ් එකට නැත්තං කුනුහරප අහගන්න වෙයි ස්පෝට්ස් සර්ගෙන් දන්නවනෙ ලොක්කගෙ කට... "

" අම්මෝ... කියලා වැඩක් නෑ ඒකනම්... මක් දවසක් වොලිබෝල් ප්‍රැක්ටිස් වලට විනාඩි 5ක් පරක්කු උනා කියලා ග්‍රවුන්ඩ් එකේ වට 2ක් දිව්වා යකෝ... මගේ හොද පන ගියා එදානම්... "

" ඔන්න ඕකයි මං ඉස්කෝලේ ස්පෝට්ස් වලට යන්නේ නැත්තේ... ආතල් එකේ බෝලයක් ගහං හිටියට අම්මෝ ඔය ලොක්කා ඉන්නකල් නම් මං යන්නෑ මලාට... "

" උබට බැරි නෑ ප# උබ ටයිකොන්ඩෝ පවා කරා නේද... "

" බෑ කිව්වේ කවුද... මට බෑ අනේ අව්වේ කර වෙන්ඩ... ඊට පස්සේ ආය හමේ පාට තිබ්බ විදියට හදාගන්න වන්නම් දහ අටම නටන්න වෙනවා... "

" ප්..හු.... ක්..හැ...ක්..හැ... "

" අඩෝ ගඟනයා හිර උනාද අදී වතුර එක දීපං... ශෙනුවා පිටට ගහපං කොල්ලගේ... "

" අම්මෝ ඇති යකෝ... බත් කටක් විතරයි හිර උනේ... "

" හරි හරි ඉතිම්... කන වෙලාවට කතා කර කර කන්න එපා කියන්නේ ඒක තමා... "

" මං කතා කරේ නෑ මනුස්සයෝ... "

" ඔව් යකෝ ගඟන මල්ලි කතා කරේ නෑ ඌට හිර වෙන්න ඇත්තේ උබේ කතාව අහලා... "

" අනේ පලයං යන්න... ඇයි කොල්ලෝ කියලා ලස්සනට ඉන්න එපා කියලා නියමයක් තියෙනවා යෑ... "

" නෑ නෑ එහෙම එකක් නෑ... මං මේ කල්පනා කලේ ඉස්කෝලෙම බය අපේ හෙඩා මේ වගේ චරිතයක්ද කියලා... "

OUR STORY ( YIZHAN )Where stories live. Discover now