31st part

174 18 0
                                    

" පුතාලා රෑට කාලද ඉන්නේ... "

" මං නම් කෑවා... "

" නෑ... "

" කෑවත් නොකෑවත් දැන් කාලා යන්න වෙනවා... "

දේව් සීයා යශාගෙයි මගෙයි දිහා බලලා කාලද ඉන්නෙ අහද්දි මං කෑවා කිව්වත් යශා ඔහේ කල්පනා කරා... ශුවර් ඕකා කාලා නෑ කොහොමත් මං යද්දිත් හිටියේ ඇදේ... අනේ මංදා ලොකු නැන්දට කිසි ගානක් නෑ... ඉන්නවද මලාද හොයන්නෑ... ඒ උනාට නැති උන ගමන් ලෝකෙ පෙරලනවා කොහෙද ගියේ කියලා...

ටිං...

" අයියේ ලොකු නැන්දා මෙහෙ පෙරලගෙන තමුසෙලා දෙන්නව හොයනවා ඕයි... ඉක්මනට එනවා... "

කෑම කන්න අත හෝදන්න ගිය අපි සෙට් එක එකා පිටි පස්සෙ පිගාන් අරං ඉද්දි මගේ ෆෝන් එකට ආව මැසේජ් එකේ සද්දෙට හැමෝම මං දිහා හැරිලා බැලුවා...

" යශා... නැන්දා හැමතැනම අපිව හොයනවලු... "

" මේක මල මගුලක් උනානේ... ගේ අස්සේ ඉන්නකල් කෑවද බිව්වද බැලුවෙ නෑ... පොඩ්ඩක් ගෙදර නැති උන ගමන් ආරූඪ වෙලා හැමතැනම හොයනවා... කරුමයක් බං මගේ ජීවිතේ... හැම රෙද්දම දමලා ගහලා ඔලුව හැරුන අතේ යනවා බං මං... "

" අයිම් රියලි සොරි පුතා... හැමදේම මං නිසා... "

" දේව් සීයා මොනා කරන්නද අපේ අම්මගෙ තියෙන දුෂ්ට කමට... තවම පලි ගන්න එක නතර කරල නෑනේ... එයාගෙ මේ දුශ්ටකම නිසාම තමා තාත්තාත් අන්තිමට හැමදේම අතෑරලා අර වගේ මෝඩ තීරණයක් ගත්තේ... දැන් මාත් මැරිලා යනකල් වෙන්න ඇති මගේ පස්සෙන් පන්නන්නේ... වෙලාවකට හිතෙනවා මං ඒ පවුලෙ කෙනෙක් නෙවෙයිද කියලත්... දුවට එක විදියක් පුතාට එක විදියක්... මහ කරුම ජීවිතයක් මං ගෙවන්නේ... "

යශා හිටියෙ අන්තෙටම කඩා වැටිලා වෙද්දි අසිත අයියා පිගාන පැත්තක තියලා ඇවිත් යශාව තුරුල් කර ගත්තා... ඒත් වචනයක් වත් කිව්වේ නෑ... විහඟ අයියා ශනිල්ක අයියා ගඟන තුන් දෙනාමත් පැත්තකට වෙලා බලං හිටියට මොකුත් කිව්වේ නෑ... මං මේ කියන කතාවල අගක් මුලක් දන්නැතුව ඔහේ බලං හිටියා...

මං දන්න විදියට ලොකු මාමා නැති උනේ නහරයක ලේ කැටියක් හිර වෙලා... ඒත් යශා කියන්නෙ අමුතුම කතාවක් වෙද්දි මං සෑහෙන්න බර කල්පනාවකට වැටුනා... ලොකු නැන්දා ඇයි ඒ තරම් යශාට දුෂ්ටකම් කරන්නේ... අනික මාමා හිටපු කාලේ උනත් මාමගෙයි නැන්දගෙයි එච්චර ඇයි හොදැයියක් තිබුනෙ නෑ... ඒත් මං හිතුවෙ ඒ කාලේ යශාලා එහෙම ලොකු නිසා ඒ අය ඒ විදියට හැසිරෙනවා ඇති කියලා...

OUR STORY ( YIZHAN )Where stories live. Discover now