47th part

43 5 0
                                    


හැමදේම වෙනස් වෙලා මේ වෙද්දි අවුරුදු 3ක් ගිහින්... ශනිල්ක අයියා අපිව දාලා ගිහින්, යශා අයියා මනුකි අක්කිව බදිද්දි අසී අයියා යහන්සා අක්කාව බැදලා... එදා වලව්වේ ගමනින් පස්සේ මං කීයට වත් හිතුවෙ නෑ මගේ ජීවිතෙත් මේ තරම් වෙනස් වෙයි කියලා... මගේ හීනේ මගේ අනාගත බලාපොරොත්තු ඔක්කොම ඒ ගමන නිසා වෙනස් උනා... අඩුම තාත්තාවත් ඒ දේවල් වෙනස් කරන්න හැදුවානම් මට දුකක් නෑ... ඒත් අන්තිමට මට උනේ විවේන්ද්‍ර හාමු කිව්ව විදියට මංචනායක ගෲප් කම්පැණි එක භාරගන්න පුලුවන් තත්වෙට එනකල් ඉගෙනගන්න...

මං මේ දේවල් වලට කැමති නෑ... මගේ හීනේ ඩිටෙක්ටිව් කෙනෙක් වෙන එක... මට හිතාගන්න බෑ විහඟ අයියා ඔෆිසර් කෙනෙක් කියන චරිතෙයි බිස්නස්මන් කෙනෙක් කියන චරිතෙයි කොහොම එකපාර හැන්ඩ්ල් කරාද කියලා... ඒත් මට ඕනි මේ දේවල් වලින් ඈත් වෙලා ඩිටෙක්ටිව් කෙනෙක් වෙන එකටම විතරක් හිත යොදවන්න...

" මැණික... මොනාද ඔය තරම් කල්පනා කරන්නේ... "

ඇදේ ගැට්ටට හේත්තුවක් දාගෙන කල්පනා ලෝකෙක ගිලිලා හිටිය මම පියවි ලෝකෙට ආවේ එයාගෙ කටහඬට... මගේ පොඩි ඇටයා... දැන්නම් පොඩි නෑ හැබැයි... ඇගපතෙන් මටත් වඩා සයිස් වෙලා... එයාටනම් මොකද ඉතිම් උදේට දවල්ට රෑට තුනටම හොදට කන්න වෙලාව තියෙනවනේ... ඒකට මට... කම්පැණි එකට ගියාම කන්න තියා වතුර ටිකක් වත් බොන්න වෙලාවක් නෑ...

" අනේ මට කම්පැණි එකට යන්න බෑ සුදු මහත්තයා... ඔයාවත් තාත්තාට තේරුම් කරලා දෙන්න බලන්ඩකෝ... මගේ ඔලුවට මේවා බර වැඩී අප්පා... "

" මගෙ මැණික... උබ ඉපදුන දවසෙම අම්මා ඇයි තාත්තගෙ පෙලපත් නම නැතුව අම්මගෙ පෙලපත් නම උබට දැම්මේ... ම්න්... ඒකට හේතුව මේ දේවල් භාරගන්න ඕනි උබ නිසා... උබට බැරි නෑ මැණික... උබට පුලුවන්... අයියලා තාත්තිලා අපි හැමෝම උබ එක්ක ඉන්නවා මගේ ශෙනූ...

කෝ දැන් කල්පනා කරන එක පැත්තකට දාලා දොයියගමු... හොදටම නිදිමතයි බං... 12ටත් කිට්ටුයි... චූටි කෙල්ලගෙ ගවුම් මැදලා අපේ ඒවත් මැදලා තියලා මං ආවේ... හෙට අලුත් ට්‍රේනස්ලා ගන්නවා කියලා දේව් සීයා කිව්වා ඒ පැත්තේ ඇවිත් යන්න කියලා අපි දෙන්නටත්...

OUR STORY ( YIZHAN )Where stories live. Discover now