54th part

80 10 10
                                    

අපි කීයටවත් හිතුවෙ නෑ මේ වගේ බේස්මන්ට් එකක් පොලොව යට ඇති කියලා... දෙව් සීයා ගාව වැඩ කරන කළු ඇදගත්ත බොඩිගාඩ්ලා දෙනෙක් දොර ගාව ඉද්දි අපි ඇතුලට ගියා...

" තමුන් හිතන්නේ හැමෝගෙම ලොක්කා කියලද... තමුන් හිතන්නේ මාව අල්ල ගත්තම මගේ උන් මාව හොයාගෙන එන්නේ නැති වෙයි කියලද... බොස් ඇල්ෆා... හහ්... මහ ලොකු බොස් ඇල්ෆාටවත් මුලින් මගේ ප්ලෑන් එක හිතාගන්න බැරි උන එකේ උබලා වගේ හිච්චි කොල්ලෝ ටිකක් කොහොමද මාව නවත්තන්නේ... "

බේස්මන්ට් එකේ මැද්දේ තිබ්බ බාල්කෙක අත් දෙකෙන් ගැට ගහලා හිටිය ටියුලිප් අපිට කෑ ගැහුවේ දේව් සීයාටත් ඌව අල්ලගන්න බැරි උනා කිය කිය ලොකු කමින්...

" තව මොනා හරි කියන්න තියෙනවද මාෆියා ටයිගර්... "

" තමුන්... තමුන් කොහොමද ජීවත්වෙන්නේ තමුන් මැරිලා දැන් අවුරුදු තුනක් වෙනවා... තමුන්... "

ඌ කිව්ව කිසිම දේකින් දේව් සීයාවත් අයියලා ටිකවත් කලබල උනේ නෑ... ඒ එක්කම තමා ශනිල්ක අයියා කතාවට එන්ටර් උනේ... එයා මෙච්චර වෙලා දාගෙන හිටිය මාස්ක් එක ගලවලා දාලා ලයිට් එලිය ගාවට ඇවිත් ටියුලිප්ගෙන් ඇහුවේ තව මොනා හරි කියන්න තියෙනවද කියලා... ටියුලිප්ට අන්ඩර්වල්ඩ් එකේ කියන්නේ මාෆියා ටයිගර් කියලා...

ශනිල්ක අයියාව දැක්ක ටියුලිප් බය වෙලා තමුන් කොහොමද ජීවත් වෙන්නේ කියනවා එක්කම අපි දේව් සීයාගෙන් දැක්කේ කලාතුරකින් දකින්න ලැබෙන හිනාවක්...

" ම්න්... සමහර විට මං එදා මැරුණේ නැත්තන් අද වෙනකල් ජීවත් වෙනවා නේද..."

" අද වෙනකල් ජීවත් උනත් තමුන් මේ ජීවත් වෙන අවසානම දවස් ටික මේ දවස් ටික වෙයි... මොකද මගේ උන් ඇවිත් මාව එක්කන් ගියාම මං මේ ගැන මුලු අන්ඩවර්ල්ඩ් එකේම පතුරනවා... හහ් හහ් හා... බොස් ඇල්ෆාගේ වයිට් රෝස්... ඇත්තටම මැරිලා යනවා... "

අයියා එදා මැරුනේ නෑ කියද්දි ඌ බය වෙලා වගේ හිටියත් අනික් තප්පරේට ඌ කිව්වේ අද වෙනකල් ජීවත් උනත් මේ අවසානම දවස් ටික වෙයි කියලා... මාෆියා එකේ උන් බොස් ඇල්ෆා කියන්නේ දේව් සීයාට කියන එක ශනිල්ක අයියා නැති උන දවස් වල එයා අපි එක්ක කිව්වා... බොස් ඇල්ෆාගෙ වයිට් රෝස් කියන්නේ ශනිල්ක යියාට කියන එකත් අපි දැන ගත්තේ ඒ කාලෙමයි...

OUR STORY ( YIZHAN )Where stories live. Discover now