44th part

105 12 0
                                    

" ඇයි තාත්ති අපිටම මෙහෙම වෙන්නේ... ඇයි... අපි මොන පවක් කරාටද මෙහෙම වෙන්නේ... ඇයි දෙයියනේ... "

මාත් චූටි කෙල්ලව වඩාගෙන එළියට ආවේ ගඟනත් මාත් එක්ක එද්දි... ඒ එක්කම අපි දෙන්නම බලං හිටියේ ආගේශ් මාමි බදාගෙන අඩන විහඟ අයියා... එයාටත් දරන්නම බැරි තැන ඉන්නෙ කියලා තේරුම් යන්න වැල් වටාරම් ඕනි නෑ...

" චූටි පුතා... "

" යන්න මැනික... ඒ ඔයාගෙ තාත්තා... "

" ශෙනූ... "

" කියන දේ අහපං රත්තරං... "

අපිව දැකලා ආගේශ් මාමි ගඟනට කතා කරද්දි ගඟන මගේ මූණ දිහා බලං හිටියේ මොකද කරන්නේ අහන්න වගේ... මං යන්න කිව්වත් අනික් තප්පරේට ආය එයා මට කතා කරද්දි මං කෙල්ලවත් වඩාගෙන එතෙන්ට ගියේ එයා මගේ පස්සෙන් කොහොමත් එනවා කියලා දන්න නිසයි...

" චූටි පුතා... මං දන්නවා ඔයාලා පොඩීට ආදරෙයි කියන්න... ඒත් කේන්ති ගන්න මේක නෙවෙයි දරුවෝ වෙලාව... මුලින්ම අපි කරන්න ඕනි මේ හැම දේකටම හේතුව හොයාගන්න එකයි... නැත්තං අද මේ කරන දේවල් නිසා කවදාක හරි ඔයාලට පසුතැවීමක් ඉතිරි වෙයි දරුවෝ... පසුතැවීම කියන එක මොන තරම් දරුණුයිද කියන එක කාටත් වඩා හොදට මං දන්නවා... ඒ නිසා එක පාරක් මේ තාත්තා කියන දේ අහපල්ලා මගේ දරුවනේ... "

ආගේශ් මාමි විහඟ අයියාගෙයි ගඟනගෙයි ඔලුව අත ගාලා තේරුම් කරේ මේ දේවල් හොයාගමු කියන එක වෙද්දි නාහෙට අහන්නැති ගඟන උනත් එක එල්ලේම ආගේශ් මාමි දිහා බලං හිටියේ හරියට හැමදේම තේරුම් ගත්තා වගේ...

" චූටි පුතේ... "

" ම්න්... "

" උබත් තාත්තිට වෛර කරනවද මගෙ පුතේ... "

අනික් අතට ගඟනව බදාගත්ත ආගෙශ් මාමි චූටි පුතේ කියද්දි එයාත් ආපිට ම්න් ගෑවෙ හරියට ඇයි අහන්න වගේ... ඒ එක්කම එයාට වෛර කරනවද අහපු මාමි ගඟනව බදාගත්දි විහඟ අයියා ඒ දිහා දුකෙන් බලං හිටියා... මං දන්නවා මේ වෙලාවෙ අයියා හිතන දේ... අයියාගෙයි මාමිගෙයි අතරෙ තිබ්බ රිලේශන් එක මොන වගේද කියන එක මං ඒ මගේ මාමි කියන්න නොදන්න කාලේ ඉදංම දැනං හිටිය දෙයක්... ඒත් මට හිතෙනවා මාමි දැන් හැමදේම තේරුම් අරගෙන එයාගෙ පුතාලගෙන් ඉල්ලන්නේ වැරදි හදාගන්න අවස්තාවක් කියන එක...

OUR STORY ( YIZHAN )Where stories live. Discover now