46th part

213 11 2
                                    

ඉස්සරහ ටෝච් එළිය නිසා අපි භය උනේ ඇවිත් ඉන්නෙ විහඟ අයියා හරි අසිත අයියා හරි කියලා උනත් ඒ හිටියේ ඒ දෙන්නාගෙන්ම කවුරුත්ම නෙවෙයි... යශා අයියා... හැබැයි තනියම නෙවෙයි එයා බදින්න ඉන්නවා කිව්ව ගෑනු ළමයා එක්ක...

" යශා අයියේ... තමුසෙ මොකද මෙහෙ... "

මං යශාගෙන් ඇයි මෙහෙ අහද්දි යශාගෙ පිටි පස්සෙන් හැංගිලා හිටිය මනුකිද මොකීද කියන කෙල්ල එලියට ආවේ අපි තුන් දෙනාටම හිනා වෙලා... හිනා නොවී බැරිකමට මං හිනා උනත් මගේ ගඟනයි සුදුයි දෙන්නානම් ආසවකට වත් හිනා උනේ නෑ...

" මනූට සීක්‍රට් excite එකෙන් ඇවිත් බලන්න ආසයි කිව්වා... ඉතිම් මං එක්ක ආවා... ඔයාලා මොකද මේක අස්සේ කරන්නේ... "

" ගඟන අයියාට සීක්‍රට් excite එක බලන්න ඕනි කිව්ව නිසා තමා අපිත් ආවේ... "

ඒ එක්කම මෙහෙ ඇයි ඇහුවම යශා කිව්වේ එයාගෙ කෙල්ලට සීක්‍රට් excite එක පෙන්නන්න ආවා කියලා වෙද්දි චූටිත් එක පාරටම යශාට කැපිල්ලට වගේ කිව්වේ ගඟනට සීක්‍රට් excite එක බලන්න ඕනි කිව්ව නිසා තමා අපිත් ආවෙ කියලා... යශා වෙනදා වගේ නෙවෙයි අපි එක්ක ඒ තරම් හිත හොදකින් නෙවෙයි කතා කරේ...

" ම්ම්ම් එහෙමද... පැටියෝ ඔයාට හුස්ම ගන්න අමාරුද... මේක ඇතුලෙ දූවිලිනෙ... අපි ආපහු යමු නේද... "

අපිට පේන්නද නැත්තං ඇත්තටම ඒ කෙල්ල ගැන යශා හිතනවද නැද්ද දන්නේ ඌම වෙද්දි පැටියෝ කියලා කතා කරපු යශා මේක ඇතුලෙ හුස්ම ගන්න අමාරුයිනේ අපි ආපහු යමු කියලා කෙල්ලව එක්ක යන්න යද්දිම උනේ අපි කීයට වත් බලාපොරොත්තු නොවුනු දෙයක්...

" ඒකට කමක් නෑ යෂ්... මටනෙ... මේක බලන්න... ඕනි කිව්වේ... යෂ්... ම...ට... බ්වැක්... "

" ශෙනුවා ඔය පැත්තෙන් අල්ලපං... "

" චහ්... තමන්ගෙ කෙල්ලව උස්සගන්නත් බැරුව තමුසෙ කොහොමද අයියේ කසාද බදින්නේ... "

" නංගී... "

යශාගෙ කෙල්ලට වමනෙ ගියා... ඒකත් හරියටම යශාගෙ ඇගේම... ඒත් එක්කම ඒ කෙල්ල කලන්තෙ දාලා වැටෙද්දි ඌ මට කෑ ගහලා කිව්වේ එක පැත්තකින් අල්ලපං කියලා... මොන තරහක් තිබ්බත් ඒ අක්කාව එහෙම ඇදගෙන වැටෙන එක බලං ඉන්න බැරුව ගඟනත් මාත් එක්කම එයාව අල්ලද්දි ඒකටත් අපේ සුදූ කෙල්ලවත් හරියට වඩාගන්න බැරුවද තමුසෙ බදින්නෙ කිව්ව එකට ගඟන සැර කරපු නිසාම කට පියාගෙන අපි එක්ක එද්දි අපි සෙට් එකම ගියේ යශාගෙ කාමරේට...

OUR STORY ( YIZHAN )Where stories live. Discover now