34th part

250 21 2
                                    


බර්ත් සෙටිෆිකේට් දැක්ක ගමන්ම අපි හැමෝම ශොක් උනා... කොටින්ම ඔත්තු බල බල හිටිය සුදුත් ඩිම් වෙලා බලං ඉද්දි ගඟනගෙ ඇස් වලින් එක දිගට කදුලු කැට වැටෙද්දි එයා අපි හිටපු තැනින් නැගිටලා කෙලින්ම ගියේ විහඟ අයියාව හොයාගෙන...

" ගඟන ඔහොම ඉන්න... "

මං එයාගෙ නම කියං පස්සෙන් ගියත් තේරුමක් උනේ නෑ... බර්ත් සෙටිෆිකේට් ටිකත් අතෑරපු ගඟන විහඟ අයියා හොයාගෙන යද්දි අදියාත් ශොක් වෙලා ඔහේ කාමරේ බිම බලං ඉද්දි සතියා සුදූ එක්ක අදියා ළග හිටියා...

" තමුසෙ මේක දැනං හිටියද කලිං... "

" මොනාද බ්‍රෝ... "

" මෙහෙ බලනවා... තමුසෙ දැනං හිටියද මං තමුසෙගෙ මල්ලි කියලා... ඇයි මට මේ දේවල් හැංගුවේ................................................. දැනං හිටියා නේද................................ ඒකද............ ඒකද කට උත්තර නැත්තේ තමුසෙට........ ආ........... කතා කරනවා..."

" පුතා... "

" මට තමුන් එක්ක කතාවක් නෑ... මං ඇහුවේ විහඟ එරංදක මංචනායකගෙන්... "

" මං කවුද කාගෙ ළමයෙක්ද කියලා මේ වෙනකල් හැංගිවේ ඇයි යකෝ... මාව ඒ තිරිසනාගෙ ළමයෙක් කියලා දැනගත්ත දාම මරලා නොදා මොන එහෙකටද මාව ජීවත් කරේ... ඇයි උබලා හැමෝම මට මෙහෙම කරේ... මැරෙන්න ගිය වතාවෙදි මාව මැරෙන්න නොදී ඇයි බං අයියේ මාව බේර ගත්තේ... කියපං අසිත අයියේ... "

" පුතා කාම් ඩවුන්... ශොක් එකක් උනත් ඇත්ත වෙනස් කරන්න බෑනෙ දරුවෝ... හැමෝටම හේතු ඇති මේවා හංගන්න..."

කුස්සියේ විහඟ අයියා උයද්දි අසිත අයියා උදව් කර කර හිටියා වගේම දේව් සීයා ප්ලේට් එක උඩ නැගගෙන කැරට් කකා හිටියා... ඒ එක්කම එතෙන්ට ගිය ගඟන විහඟ අයියාගෙ ශර්ට් එකෙන් ඇදලා අරං තමුසෙත් මේවා දැනං හිටියද අහද්දි ප්ලේට් එක උඩ හිටිය දේව් සීයාත් බිමට බැහැලා බලං ඉද්දි ගඟන විහඟ අයියාගෙ ශර්ට් එකෙන් ඇදලා හොල්ල හොල්ල එකින් එක අහද්දි විහඟ අයියාගෙ මූණ සුදු මැලි උනා...

දේව් සීයා එක්ක අසිත අයියා මූණෙ හැගීම් කොච්චර හංගන්න හැදුවත් මගේ ඇස් වලට ඒවා හංගන එක ලේසි නැති උනා... ගඟනව මටවත් නවත්තන්න බැරි වෙද්දි අසිත අයියා ඇවිත් ගඟනව තුරුල් කරගත්ත නිසා ටිකක් සන්සුන් උනත් දේව් සීයා කිව්ව දේ නිසා ගඟන අසිත අයියාවත් අතෑරලා දාලා කෑ ගහන්න පටං ගත්තා...


OUR STORY ( YIZHAN )Where stories live. Discover now