15th part

260 36 9
                                    


අසිත සර්ගෙ බඩු ටික ගෙනත් දැම්මට පස්සේ මං ගෙදරට ගියා... වෙනදට වඩා කලින් ආව නිසා නාගෙන ශෙනූට මැසේජ් එක්කුත් දැම්ම මං ටිකක් නිදාගන්න කියලා හදනකොටම කවුද දොරට ගහන සද්දයක් ආවා...

" ටොක්... ටොක්... ටොක්... ටොක්... "

" කවුද... "

" මං බං... කොල්ලෝ දොර ඇරහං ටිකකට... "

" ආ... සර්... මං බැලුවා කවුද කියලා... අම්මනම් යතුරෙන් දොර ඇරගෙනනේ එන්නේ... සදුනි අක්කා ආවොත් නම කියලා කතා කරනවා... වෙන ඉතිම් කවුරුත් එන්නෙ නෑනේ අපේ ගෙදරට... "

" මං මේ කන්න කියලා හැදුවේ... උබලගෙ ගෙදර පිගන් තියෙනවද බං මට පිගාන් ගන්න අමතක උනානෙ... "

" ඔව් සර්... ඉන්න මං අරං එන්නම්... "

" උබ කාලද ඉන්නෙ... "

" නෑ සර් බඩගිනි නෑ ඉස්කෝලෙදි කෑවනෙ... "

" වරෙං යන්න කන්න මාත් එක්ක... මට හෙන කම්මැලී බං... "

" සර්... කන්න... මට බඩගිනී නෑ... "

" ගඟන මගෙ යකා අවුස්සන්ඩ එපා වරෙං යන්න... "

ශෙනූට  මැසේජ් එකක් දාලා ටිකක් නිදාගන්න කියලා හැදුව මට දොරට ගහපු සද්දයක් එක්ක ඇහරුනා වගේම ගිහින් බලද්දි ඇවිත් හිටියෙ අසිත සර්... කෑම කන්න පිගානක් ඉල්ලුව සර් අන්තිමට කෑම කන්න කියලා මාවත් ඇදගෙන ගියා...

" ගඟන ඇයි පාට් ටයිම් ජොබ් එකක් කරන්නේ... "

" හදිස්සියක් උනොත් ගන්න සල්ලි ටිකක් ඉතිරි කරගන්නයි... ක්ලාස් වලට පොත් වලට වියදම් කරන්නයි තමා ඉතිම්... "

" ඉතිම් අම්මාත් ජොබ් එකක් කරනවනේ..."

" එයා හිටපු ගමන් අසනීප වෙනවා... එතකොට වැඩට යන්න වෙන්නෙ නෑ... ඒ වගේ වෙලාවක වියදම් බලාගන්න සල්ලි එපැයි... අනික අම්මගෙ ජොබ් එකෙන් හම්බෙන ගාන ඉතිරි කරලා තියන්න මදි... ගෙවල් කුලී... ගෙදරට බඩුයි... ලොන් වලට පොලියයි ගෙව්වම සතයක් වත් ආය ඉතිරි වෙන්නෙ නෑනේ සර්... ඒකයි මං පාට් ටයිම් එක කරන්නේ... "

" ගඟනගෙ අම්මගෙන් අහන්න බැරිද මට කෑම දෙන්න පුලුවන්ද කියලා මං ඕනි කරන බඩු ගෙනත් දෙන්නම් කියන්න... "

OUR STORY ( YIZHAN )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ