27th part

245 26 2
                                    


" ඇයි බං මොකෝ සීන් එක... "

" නෑ බං ඔලුව රිදෙනවා... "

" උබ ගඟනලගෙ ගෙදර ගිහින් ආව වෙලේ ඉදන් සෑහෙන්ඩ කල්පනා කරනවා... "

" එහෙම නෑ බං... එද්දි වැස්සට අහු උනානේ... මං හිතන්නෙ සෙම ඇවිස්සිලා... "

" යකෝ සෙම ඇවිස්සුන එකෙයි කල්පනා කරන එකෙයි සම්බන්දෙ කියපං මට ඉස්සෙල්ලා... "

" අනේ බං පාඩුවෙ ඉන්න දීපංකෝ ඔලුව රිදෙනවා... උබට මං ඒකේ සම්බන්දෙ හෙට කියලා දෙන්නම්... දැන්වත් පලකො... "

" අඩේ ගඟනයා මට මැසේජ් එකක් දාලා තිබ්බ අද ඉස්කෝලේ ඇරෙන ටයිම් එකට හොස්ටල් එකේ ගේට් එක ගාව ඉන්නම් කියලා... එතකොට හැම විස්තරයක්ම කියන්නම් කිව්වේ... උබට මොකද හිතෙන්නෙ මේ ප්‍රශ්නෙ ගැන... "

" හිතෙන්නෙද... දැන්නම් හිතෙන්නෙ උබට හොද පයින් පාරක් දෙන්න... "

" මං මොනා කරාටද... "

" ඇයි යකෝ මං දැන් කිව්වෙ මගෙ ඔලුව පුපුරන්න වගේ රිදෙනවා පාඩුවෙ ඉදපංකො පොඩ්ඩක් කට වහගෙන... "

ඊයේ ගඟනලගෙ ගෙදර ඉදං ආව වෙලේ ඉදන්ම අදියා අප්සෙට් මූඩ් එකෙන් හිටියෙ... මං කොච්චර අහන්න ට්‍රයි කලත් ඌ කතාව මගෑරියා... හේතුව විදියට කිව්වෙ ඔලුව රිදෙනවා කියන එක විතරයි...

මේ ටිකේ ස්පෝට් මීට් නිසා උගන්නන්නෙත් නෑ... ග්‍රවුන්ඩ් එකට ගියාට අපිට නිවාසෙ වැඩත් එක්ක නිතර කතා කරන්න උනේ නැති උනත් අදියා වොලිබෝල් ටීම් එකේ ළමයින්ගෙ නම් ලියපු වෙලාවෙ මං ගිහින් කතා කරත් ඌ කරේ කතාව මගඇරලා ඔලුව රිදෙනවා කියලා ඩෙස් එකේ ඔලුව තියාගත්ත එක...

සාමාන්‍යයෙන් අදියා කේන්ති යන ඩයල් එකක් නෙවෙයි... මේ හැසිරීම වෙනදා හැසිරීමට වඩා සම්පූර්න වෙනස් කියන එක අපි ළගම යාලුවො නිසා මට හොදට දැනුනා... ශෙනුවත් නැති නිසා මොනා කරන්නද කියලා හිත හිත ඉද්දි මගේ වෙලාවටම ඉස්කෝලේ ඇරෙන බෙල් එක ගැහුවා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" ආං අරුන් දෙන්නා ඇවිත්... "

" අඩෝ මොකද උනේ බං උබලට... "

" යමංකෝ හොස්ටල් එකට ඉස්සෙල්ලා... "

මායි ගඟනයි හොස්ටල් එකට ගාව ගේට් එක ළග බලං ඉද්දි සතියා අදියව ඇදගෙන අපේ පැත්තට ආවා නෙවෙයි පියෑඹුවා කිව්වොත් හරි... ඌ ඒ තරම් වේගෙන් දුවං ආවේ... අදියාගෙනම් වෙනද තියනවා වගේ උනන්දුවක් නැති එක මූණෙන් පෙනුනත් අපි ඒ ගැන වැඩිය හිතන්න ගියේ නැත්තේ සතියට කතාව අහන්න තිබ්බ හදිස්සිය නිසාමයි... කොහොම හරි ඌට කතාව කියන්න තියෙන හදිස්සිය නිසාම අපි හතර දෙනා හොස්ටල් එකට ගියා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

OUR STORY ( YIZHAN )Where stories live. Discover now