33rd part

168 21 2
                                    


අපි ඇවිත් තිබුනේ දර මඩුවකට උනත් මේ මංචනායක වලව්වේ ඉඩම කියලා දකිද්දි මගේ ඇගත් එක්ක සීතල වෙලා ගියා... සුදුත් සෑහෙන්න කලබල වෙලා ඉද්දි මාව ආපහු ආව පැත්තටම ඇද්ද සුදූ පුලුවන් ඉක්මනට දොර වහලා දාලා ආපහු මගේ කාමරේටම දිව්වා...

" අයියේ... දැන්ම මේ දොර වහලා දාමු... "

" උබට පිස්සුද බං... අනික මේක ගැන මංචනායක වලව්වේ උං දන්නෙ නැතුව ඇති... ඒ නිසා ඔච්චර බය වෙන්න එපා... "

" තමුසෙට මේකේ බරපතලකම තේරෙන්නෑ අයියේ... "

" අඩේ උබට කේන්ති ගියාද... හිටපං ඔහොම... ඒයි... නංගී... "

" තුදු අක්කි තලා උනාත... "

" තුදු අක්කි තලා වෙලානේ චූටියෝ... "

" අපි ලාලු කලගමු... "

" අපි ලාලු කලගමු කෝ අපි යමු මාමි බලන්න... මාමි උයනවා ඇති... "

මගේ කාමරේට ආව ගමන් මේ දොර වහලා දාමු කියලා මං එක්ක අඩව්වක් අල්ලපු සුදූ යන්න යද්දි චූටි කෙල්ල තුදු අක්කි තරහා වෙලාද අහලා අපි යාලු කරගමු කියද්දි මං කෙල්ලවත් වඩාගෙන තාත්තා උයනවද බලන්න ගියා... කොච්චර පහු වෙලා නිදා ගත්තත් අද උදේ 6 වෙද්දි නැගිට්ට නිසා ඔලුවත් කැක්කුම අල්ලද්දි මට ඒ අස්සේ බඩගින්නකුත් ආවා...

" පුතා... ඇයි අර දරුවා ගස්සගෙන කාමරේට ගිහින් දොර වහගත්තේ... "

" ආ... ඔය අද මං වොලිබෝල් ප්‍රැක්ටිස් බලන්න එක්ක යන්න බෑ කිව්ව එකට... "

" නෙතූ මට උදේ කෝල් කරා... නෙතූ දුව යනවා කිව්ව එකේ සුදූව එක්ක යන්න දරුවෝ... කෙල්ල ගේ ඇතුලෙම ඉදලා ඇති වෙලා ඇති... දැන් පුතාත් ඉන්නෙ මෙහෙ නිසා කෙල්ලට ඇති වෙනකල් ඇවිදින්න පුලුවන්... "

අපේ එකීගෙ අණ්ඩපාලකම කොහොමද කියනවානම් ඊයේ රෑම නෙතූ මිස් එක්ක ගේම ගහලා කියලා තාත්තගෙ කතාව නිසා ඇහෙද්දි මට ආව හිනාව අමාරුවෙන් කාගෙන මං කතාව වෙන පැත්තකට හැරෙව්වා...

" නංගි බාළිකාවටද දැම්මේ තාත්තා... "

" ඔව්... පුතා අදුරන අය බාළිකාවෙ නැද්ද..."

" මං අදුරන අය බාළිකාවෙ කොහෙද තාත්තා... අපිට ඔය කෙල්ලො එක්ක ආශ්‍රයක් නෑනේ... අපේ නිසලාගෙ නංගි බාලිකාවෙද කොහෙද යන්නේ... මං අහලා කියන්නම්... "

OUR STORY ( YIZHAN )Where stories live. Discover now