19th part

262 37 2
                                    


" කොහෙද පැටියෝ මේ දුවන්නෙ... මහන්සි නැද්ද ඔයාට... ඊයේ රෑ... ඔහ්... සොරි... යාලුවො ඉස්සරහ කියන්න එපා කිව්වනෙ... ඔහොම දුවලා අසනීප වෙන්න එපා බේබි මේ ඔයාගේ ෆස්ට් ටයිම් නිසා අමාරු වෙයි... "

" ගඟන ඔහොම ඉන්න... උබට මෙහෙම කියලා හරියන්නෑ නේද... බලාගමු යසිරු... උබ දැන් ඉදලා තමා මං කවුද කියලා හරියටම දැනගන්නේ... "

" අයියෝ කේන්ති ගන්න එපා පැටියො... යාලුවා ඉන්න තැන කියවුන නිසා ලැජ්ජ හිතුනද මගෙ පැටියට... ඒත් මේකනම් නොකියම බෑ... ඔයාගෙ ඇගනම් පිස්සුවක් බේබි... මෙච්චර කාලෙකට මං එක්ක හිටිය කිසි කෙනෙක්ට මාව මේ තරම් සතුටු කරන්න පුලුවන් වෙලා නෑ... කොහොම උනත් ඊයේ රෑට ගොඩක් තෑන්ක්ස් මගේ පැටියා... යන්නම්... අයි ලව් යූ... බායි... "

" උබට මම... "

" යමු... "

කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ආවේ වෙන කවුරුත් නෙවෙයි යසිරුයි ඊයේ රෑ උදව්වට ආව මහලොකු හසිතයි... මායි ගඟනයි හෙමින් දුවගෙන වගේ ආවේ... අපි ළගින්ම යන ගමන් හිටිය යසිරු නැවතිලා කිව්ව දේ නිසා ගඟනත් එහෙම්ම නැවතුනා...

මං හිතුවෙ ගඟන රණ්ඩු කරයි කියලා... මං යසිරුට බැන්නත් ගඟන වචනයක් වත් නොකියා හිටියා... අන්තිමට යසිරු කිව්ව දේ එක්ක මට මරන්න තරම් කේන්තියක් ආවත් යමු කිව්ව ගඟන නිසා මට මොකුත් කරගන්න බැරි උනා... ගඟන කිසි තරහකින් හිටියෙ නෑ... ඒත් මූණේ ලියවිලා තිබ්බ ඒ හැගීම මොකක්ද කියන්න තේරුනෙත් නෑ...

කොහොම හරි කොරිඩෝ එකේ දිගටම ඇවිදගෙන ගිහින් විරාන් කිව්ව විදියට පහල ප්‍රිෆෙක්ට් රූම් එකටයි වයිසා එන්න කියලා තිබ්බේ... ඒත් අපි ගියාට වයිසා හිටියේ නෑ...

" ශිට් මට ඇදුම මාරු කරන්නත් නෑ ‍රෙද්ද... මොන ලබ්බකට මෙතෙන්ට එන්න කිව්වද... "

" ඇයි ඇදුම මාරු කරන්න ඔච්චර හදිස්සි... "

" ගඟන තමුසෙට මොනා වෙලාද වචනයක් වත් කතා නොකර මෙච්චර වෙලා දැන් මට ඇනුම් පද කියන්න එපා... "

" මෙච්චර වෙලා උන දේවල් වලට ඉතිම් මොකුත් කියන්න මට අයිතියක් නෑනේ..."

" තමුසෙට පිස්සුද ඕයි තමුසෙ විශ්වාස කරනවද අර සක්කිලියා කිව්ව ඒවා... "

OUR STORY ( YIZHAN )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ