52nd part

44 5 2
                                    

අපි එන්න තව ටිකක් පරක්කු උනානම් මගේ ශෙනූව මට නැති වෙන්නම තිබ්බා... ඒ සිද්දිය මතක් වෙද්දිත් මගේ පපුවත් එක්ක පිච්චිලා යනවා... කවුද කියලා නොදන්නවා උනත් සුදු ඇදගත්ත මං ගානම වගේ උස මහත කොල්ලෙක් සිහි නැතුව හිටිය එයාව මගේ අත් දෙකටම ගෙනල්ලා දෙද්දි මං එයාව අරන් ආවේ කොහොමද කියලාවත් මට මතක නෑ... ඒත් ශනිල්ක අයියා වෙලාවට බෙහෙත් කරපු නිසා එයාට මොකුත්ම උනේ නෑ... සමහර විට එයාගෙ ඔලුවට වැදුන පාර නිසා එයාට මෙමරි ලොස්ට් එකක් වෙන්න තිබ්බා කියලා අයියා ආයෙමත් කියද්දි මගේ ඔලුව විකාර උනා... දීලා තිබ්බ සේලයින් එක ඇගට ගිහින් බෙහෙත් ටික ඇගේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ තමා එයාට සිහිය ආවේ... මං එයාගෙ අත අල්ලගෙන අඩනවා දැකලා එයා එයා ගැනවත් නොහිතා මගේ කදුලු පිහිදුවෙ මට එයා ගැන තිබ්බ ආදරේ තවත් වැඩි වෙද්දි...

මං දන්නෑ මට ඒ වෙලාවෙ ඇති උන හැගීම කොහොම වචන කරන්නද කියලා මැණික... අයියා කියද්දි උබට මෙමරි ලොස්ට් එකක් වෙන්න තියෙන ඉඩකඩ වැඩී කියලා මං ඉන්න හැම දෙයියෙක්ගෙන්ම ඉල්ලුවේ උබට සිහිය එද්දි මාව අමතක වෙන්නම් එපා කියලා... එහෙම උනොත් මට මොනා වෙයිද කියලා අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ ශෙනූ... කොටින්ම මාව පිස්සෙක් වෙයි...

එයා ඇදේ නිදි අතරේ ඉන්නේ යුනිෆෝම් එකෙන් කියන එකවත් ගානකට ගන්නැතුව මාත් එතන පුටුවෙන් ඉදගෙන එයාගෙ අත අල්ලගෙන හිටියේ කවුරුත් මට මොකුත් නොකියා යන්න යද්දි... මං හිටියේ ඩියුටි පිට... ඒත් යශා අයියා මිනෝල් පවා මගේ පිටට තට්ටුවක් දාගෙන ගියා මිසක් යමන් කියලවත් කිව්වේ නෑ...

ශෙනූට එහෙම්ම නින්ද යද්දි මං කල්පනා කරේ එයාව මට ගෙනල්ලා දුන්න කෙනා ගැන... සාමාන්‍යයෙන් මාෆියාලා උනත් අදින්නේ කලු මිසක් සුදු නෙවෙයි... මේ පැත්තේ අපි අහලා තියෙන විදියට මාෆියා සෙට් එකක් ඉන්නවා එයාලා නීතිය අනීතිය උන හැම වෙලාවකම මිනිස්සුන්ට් උදව් කරලා තියෙනවා... ඒත් මේ එයාලා නෙවෙයි... මොකද ඒ සෙට් එකේ සුලැගිල්ලේ ටැටූ එකක් එක්ක පිටේ ලොකු ටැටූ එකක් තිබ්බා... මං ඒ ගැන දන්නේ සදුනි අක්කා නිසා... එයා හිටියෙත් ඒ මාෆියා එකේ නිසා...

OUR STORY ( YIZHAN )Dove le storie prendono vita. Scoprilo ora