12th part

293 36 18
                                    


ගඟනට ගහන්න කියලා ගල්
ගෙඩියකුත් අරං පස්සෙන් එලවපු මං මට පිටිපස්සෙන් ගේට් එකෙන් එලියට දැම්ම කාර් එකට හැප්පෙන්න යද්දිම ගඟන දුවං ඇවිත් මාව ඇදලා ගත්ත පාරට අපි දෙන්නම වැටුනා... මගේ ඔලුව වැදෙන්නේ නැති වෙන්න අත තියලා තිබ්බ නිසා මට කිසිම තුවාලයක් වෙලා තිබුනේ නෑ... ගඟන නැත්තං සිරාවටම මං කාර් එකට යට වෙනවා... ඒක ආවේ ඒ තරං වේගෙන්...

මාවත් අදලා අරං නැගිට්ටවපු ගඟන ඇසි පිය ගහන පමාවට මාව බදාගත්තා...
ගඟනගෙ පපුව ගැහෙන වේගේ පවා මට දැනෙන තරමට එයා මාව බදාගෙන හිටියා... ඒ එක්කම අදියයි සතියයි අපි ඉන්න තැනට දුවගෙන එද්දිම කාර් එකේ හිටිය මනුස්සයත් බැහැලා ආවා...

" ශෙනූ ආය ඔහොම දුවන්න එපා පාර පුරා... පෙර පිනකට උබ බේරුනේ... මං ටිකක් හරි පරක්කු උනානං උබ විසි වෙලා පාරටම වැටෙන්නේ බං... "

" මං හිතුවෙ මං ඉවරයි කියලා ගඟන මාව බේර ගත්තට උබට පිං... "

" ශෙනුවා උබ හොදින් නේද... "

" තමුසෙට සිහියක් නැද්ද මනුස්සයෝ ඉස්කෝලේ ළමයි යනවා කියලවත් පෙන්නෙ නැද්ද පොට්ට වෙලාද මේ ඉස්කෝලේ ඉවර වෙන ටයිම් එක කියලවත් දන්නෙ නැද්ද රේස් යන්නේ... "

" එච්චර හිතුවෙ නෑ... අවුලක් නෑ නේද.."

" අහන හැටි විතරක්... ඔය සර්ලාගේ පුතාට ඔහොම උනානම් සර් එච්චර හිතුවෙ නෑ කියලා බේරිලා යන්න දෙනවද... පුතාට ගහපු එකා හොයන්න පොලීසියෙන් පවා ඉස්කෝලෙට දාලා වෙන ළමයෙක් තමන් අතින් හැප්පෙන්න ගියාම හිතුවෙ නෑ කියලද කියන්නේ... යකාගේ ලොජික්නේ මේවා... හැම එකාම කට පියන් සර්ලා කරන ඒවාට ඔලුව නැමුවට එහෙම නැති උනුත් ඉන්නවා කියන එක අද බලා ගන්න... "

" දෙයියයනේ ගඟන... "

" ගඟන ඇති... නවත්තන්න..."

" කවුද කියලා හොදටම දැන දැනත් පැටලෙන්න එපා බං... "

" මේ උන දේට මේක පොඩි දෙයක් සර්... ඒත් වෙලාවෙ හැටියට මේක ඇති... හරි හදිස්සියකින්නේ යන්න හිටියේ... ම්න්... දැං යන්නකෝ බලන්න... "

කාර් එකෙන් බැහැලා ආවෙ වෙන කවුරුත් නෙවෙයි  ආගෙශ් මංචනායක... යසිරුගේ තාත්තා... කවුද අයිතිකාරයා කියලා දැක්ක ගමන් ගඟනට ඊට වඩා කේන්ති ගියා... මාව බදාගෙනම අර මනුස්සයට බැන්න ගඟන ඊලගට කලේ අපි කවුරුවත් හීනෙකින් වත් නොහිතපු දෙයක්...

OUR STORY ( YIZHAN )Where stories live. Discover now