20th part

273 29 11
                                    


වතුර බීලා කයිය ගගහා ඉදලා අන්තිමට වතුර එකක් ගේන්න අමතක උන එකට අදියගෙන් බැනුමකුත් අහගෙන වාඩිවෙලා ඉද්දි අසිත සර් රේස් දුවනවා දැකලා ගඟන සර්ව හම්බෙන්න දිව්වා...

" සර්... මං අද හවස වැඩ කියලා අම්මට කියනවද... මං එද්දි රෑ වෙයි... "

" හරි බං... හදිස්සියක්... ඔක්කොමලා පලයල්ලා දැන්... මට යන්න වෙලා... ඉක්මනට වරෙන් රෑ වෙනකල් ඉන්නෙ නැතුව... "

" හරි සර්... "

" ඇයි අර ලොක්කා මීටර් සීය දිව්වෙ... "

" හදිස්සියක්ලු... "

" ගෙදර යන්න කිව්වද ළමයින්ට... ඔයා දැන් ගෙදරද යන්නෙ... "

" ම්න්... ඔක්කොටම යන්න කිව්වා... මං රෙස්ටුරන්ට් එකට යන්නේ... අද ක්ලාස් උදේ තිබ්බේ... දැන් ආය යන්න බෑනේ... ".

සර් යනවත් එක්කම මං ගාවට ආව ගඟන කිව්වෙ සර් හදිස්සියක් නිසා ගෙවල් වලට යන්න කිව්ව කියල ගියා කියලා... ළමයි හැමෝම හොස්ටල් එකටයි ගෙවල් වලටයි යද්දි මායි අදියයි සතියයි ගඟනයි ස්පෝට්ස් රූම් එක ලොක් කරන්න ආවා... ඔය අතරෙ තමා අපිට මාලෙ සීන් එක මතක් උනේ...

" අඩේ...  යන්න කලින් මාලෙ ගන්න ට්‍රයි එකක් දෙමුද කවුරුත් නැති එකේ... "

" හොද වෙලාවට මතක් කරේ උබ... "

" සතී අයියා උබ තමා විසික්කරේ අරං දීපං... "

" ඕකත් වැඩක්ද මල්ලි... මං අරං දෙන්නම් ඔත්තු බලපං... නැත්තං හතර දෙනාටම ගස් යන්න වෙන්නේ... "

මාලේ ගන්න කතා වුන අපි සෙට් එක ආර්ට් එක ගාවට ගියා... අපේ වාසනාවට යසිරුත් ඉස්කෝලෙන් එළියට යනවා දැක්ක නිසා හතරම ශේප් එකේ දෙපැත්තකින් ආර්ට් එකේ බිල්ඩින් එක ගාවට ආවා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" යශේන්... මට උබව හම්බෙන්න ඕනි..."

" ඒ මොකටද මේ වෙලාවෙ... "

" හදිස්සියක් වරෙං ඉක්මනට මං ලොකේෂන් දාන්නම්... "

" ඉදපං දැන් නැගිට්ටෙ... "

" වරෙං ඉක්මනට විනාඩි 5ක් දෙන්නම්..."

" ආයිෂ්... හු## මං ෆ්ලෑෂ් නෙ... ටීක්... ටීක්... කට් කරලත් ඉවරයි ප#... මං ෆ්ලෑෂ් කියලද දන්නෑ හිතාගෙන ඉන්නේ... "

OUR STORY ( YIZHAN )Where stories live. Discover now