37th part

226 22 1
                                    

" හෙලෝ... මට සයින් එක ඕනි... නෑ... ළමයෙක් හොස්ටල් නවත්තන්න... නෑ... ඔයා දන්නෑ... හ්ම්ම්... "


" ලොකූ... "


" තාත්තා එනවලු... "


" මේ වෙලාවෙ... "


" එයාගේ තීරණ අපිට ප්‍රශ්න කරන්ඩ බෑනේ අසී... ඕනි වෙලාවට යනවා... ඕනි වෙලාවට එනවා... අපිට ඕනි එයාගෙ සයින් එක විතරයිනේ... "


" එයාගෙ විදිය අපිට වෙනස් කරන්ඩ බෑනේ ලොකූ... වැරදි තිබ්බත් ඒ අපේ තාත්තා නේද... "


" ඕනි එකක්... "


" යමු... චූටි බඩු ඔක්කොම පැක් කරා... "


" යමු... "

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අපි ඔක්කොමලා සුදූව නෙතූ මිස් එක්ක ගෙදර යවලා ශනිල්ක අයියා, දේව් සීයා, විහඟ අයියා අසිත අයියා එක්ක හොස්ටල් එකට ගියේ ගඟනව හොස්ටල් එකට දාගන්න... අපි නොහිතුව විදියට ආගේශ් මංචනායක නැත්තං මගේ අම්මගෙ එක කුස උපන් සහෝදරයා... නෑකමින් මගේ මාමා... මගේ යාලුවාගෙ මගේ ගඟනගෙ ඇත්තම තාත්තා ඇවිත් හිටියා...


" පුතා... "


" මට සයින් එක ඕනි... "


" කවුද ඒ දරුවා... "


" ඒක ඔයාට අදාල දෙයක් නෙවෙයි මිස්ටර් මංචනායක... මෙච්චර කාලයක් මගේ දේවල් ප්‍රශ්න කරේ නෑ වගේ ඉස්සරහටත් හිටියනම් හොදයි... තමුන්ට උත්තර දෙන්න මං බැදිලා නෑ... "


" පුතා... දැන් වත් මට මගේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න අවස්තාවක් දෙන්න පුතා... "


" ඒකට මං අවස්තාවක් දුන්නෙ ගොඩාක් කලිං කියලා මතක ඇති නේද... ඒත් ඔයා එදා මොකද්ද කලේ... මතක ඇතිනේ මිස්ටර් මංචනායක... මං ළග දෙපාරක් චාන්ස් නෑ..."


" පුතා... "

අදියයි සතියයි රූම් එකට ගිහින් අස් කරන්නම් කියද්දි මං ගඟන එක්ක ඇප්ලිකේශන් ෆිල් කරන තැන හිටියා... විහඟ අයියා එයාගෙ තාත්තා එක්ක කේන්තියෙන් කතා කරද්දි අඩුම අසිත අයියාවත් දේව් සීයාවත් වචනයක් වත් නොකියා බලං හිටියේ ඒ දෙන්නා අතර අපි නොදන්නවාට වඩා ලොකූ විරසකයක් තියෙන නිසා කියලයි මට තේරුණේ...


OUR STORY ( YIZHAN )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin