13th part

282 38 7
                                    

ගඟන කෙල්ලෙක් එක්ක කතා කර කර ගිය නිසා මං 4න් එක කට් කරලා දාලා කන්න ගියා... කෙල්ල එක්ක යද්දි ඩිස්ටර්බ් කරන්න හොද නෑනේ ඉතිම්... මං එහෙම්ම 4න් එකත් ඕෆ් කරලා දාලා නිදාගත්තා... මොකද අපි පාන්දර 3ට නැගිටිනවනෙ පාඩම් කරන්න...

පුරුදු විදියටම උදේ එලාම් එකට නැගිට්ට මම 4න් එකට ඇවිත් තිබ්බ කෝල් ගොඩ දැකලා පුදුම උනා... ගඟන කෝල් 20ක් විතර අරං... අනේ ඉතිම් කෙල්ල එක්ක යද්දි ඩිස්ටර්බ් කරන්න හොද නෑනේ ඒ නිසානෙ මං කට් කරෙ මං මොකටද ඕවට උත්තර දෙන්නේ...

ගෙම්බ පොලේ ගහලා වගේ නිදාගෙන හිටපු සතිය අදත් පුරුදු විදියටම අදියගෙන් සාර්ථක කොට්ට පහරක් ඔලුවටම කාගෙන බැන බැන නැගිටලා අපි එක්කම මූන සෝදන්න ගියා... පුරුදු විදියටම පාඩම් කරලා 6ට විතර ලෑස්ති වෙන්න ආව අපි අදනම් වෙනදටත් කලින් ඉස්කෝලෙට ආවා...

" ඇයි මැසේජ් වලට රිප්ලයි කරන්නෙ නැත්තෙ... "

" ඩේටා ඔන් කරේ නෑ අනේ... මං මැසේජ් බැලුවෙ නෑ... අනික උදේට 4න් බලන්නෑ... කවුරු මැසේජ් කරන්නද උදේට... "

" වරෙං මාත් එක්ක... "

" අදී මාව කොනිත්තපං... මොකද්ද බං ඒ උනේ... "

" දන්නෑ බං මටත් මඥ්ඥං වගේ... "

" යමන්ද පස්සෙන්... "

" ඇදං ගිය විදියට ගඟන ශෙනුවගෙ දත් ටික ගලවයිද ශෙනුව ගඟනගෙ හක්ක පන්නයිද...  "

" එක්කෝ ඔන්නෑ සුදා... අපි දෙන්න බෑග් තියන්න පංතියට යමු... උං දෙන්න පවුල් ප්‍රශ්න විසදගෙන එයි... "

තුන් දෙනා එක්ක ඉස්කෝලේට එද්දි ගේට් එක ගාව හිටිය ගඟන ඇයි මැසේජ් වලට රිප්ලයි නැත්තෙ ඇහුවා... වෙනදනම් ගුඩ්මෝනින් කියලා පටං ගන්න කන්වර්සේෂන් එක අද ප්‍රශ්නෙකින් පටං ගත්තා වගේම දීපු උත්තරෙත් එක්ක ගඟනයා මාව ඇදගෙන රංගපීඨේ පැත්තට ගියා...

" අතෑරපං හු##... තොට මොකද්ද වෙලා තියෙන්නෙ... රිප්ලයි නොකරන්නේ මට ඕනි නිසා... "

" ඇදං ආවේ මට ඕනි නිසා... දැං උත්තරේ හම්බුනානේ... "

" ආ... එහෙමද හරි කියපං එහෙනම් දැන් මෙතෙන්ට ඇදං එන්න හේතුව... මට වැඩ තියෙන්වා... "

OUR STORY ( YIZHAN )Tempat cerita menjadi hidup. Temukan sekarang