51st part

24 5 0
                                    

මං ගියේ සතියාව හොයාගෙන එන්න... ඌ හිටියෙ නැති නිසා මං කෙලින්ම ගියේ මූ බාතෘම් එකේවත්ද කියලා බලන්න උනත් දොරේ හැන්ඩ්ල් එක කරකවලා අනික් පැත්ත හැරෙනවා එක්කම කවුරු හරි මට ක්ලෝරොෆෝම් ඇල්ලුවේ මාව එහෙම්ම සිහි නැතුව ඇදගෙන වැටෙද්දි...

" කවුද තමුන්... මං මේ කොහෙද ඉන්නේ..."

" සර්... දග නොකර හිටියොත් පණ පිටින් ආපහු යන්න පුලුවන් වෙයි... "

සිහිය එනකොට මං හිටියේ පුටුවක ගැට ගහලා... අත් කකුල් ඔක්කොම... ඒ එක්කම අදුරේ ඉදන් ලයිට් එක හරියට ආව කොල්ලාගෙ මට දගලන්නැතුව හිටියොත් පණ බේරගන්න පුලුවන් වෙයි කියලා තර්ජනේ කරද්දි තමා මං ඌව හරියටම අදුර ගත්තේ... ඒ වෙන කවුරුත් නෙවෙයි අද උදේ ඉදන් මං ටයිකොන්ඩෝ ට්‍රේනින් කරපු පොඩි සෙට් එකේ හිටිය දක්ශම කොල්ලා... භානුක...

" තමුන්... තමුන් කාගේ කීමටද මෙහෙම කරන්නේ... "

" කාගේවත් කීමට නෙවෙයි සර්... වෙන කරන්න දෙයක් නැතිකමට... මේක විතරයි මට ඔෆිසර් විමංසනව මෙතෙන්ට එක්කන් එන්න කරන්න පුලුවන් දේ... මෙතන අද ඉන්න ඕනි වෙන කෙනෙක් උනත් සර්ගේ අවාසනාවට සර්ට අදම ට්‍රේනින් සෙන්ටර් එකට එන්න ඕනි උනානේ... ඒකට මට වැරැද්දක් කියන්න බෑ නේද... "

" හරි වැරැද්ද තමුසෙට පස්සේ පෙන්නන්නම්... දැන් මාව ලිහනවා ළමයෝ... ප්‍රශ්නයක් තියෙනවානම් කතා කරලා විසදගන්න පුලුවන්කම තියාගෙන මොන මගුලකටද මාව ගැට ගැහුවේ... "

" මං කොහොමද සර්ව විශ්වාස කරන්නේ..."

" විශ්වාස කරන්න ඕනි කවුද නොකරන්න ඕනි කවුද කියලා තේරුම් ගන්න පුලුවන් වයසක ඔය ළමයා ඉන්නවා කියලා හිතනවද... ඉස්සරහට වෙන දේවල් වලට ඔය ළමයාට පසුතැවෙන්න ඕනි නැත්තං මාව ලිහන්න... "

වෛරය අන්ධයි කියන්න තවත් උදාහරණ ඕන්නෑ... මේ කොල්ලා ඉන්නේ වෛරයෙන් අන්ධ වෙලා... කවුද හරි කවුද වැරදි කියලාවත් අදුරගන්න බැරි තරමට වෛරයෙන් අන්ධ වෙලා...

මේකට අල්ලගන්න හිටියේ මාව නොවුනත් මගේ වෙලාව නරක නිසාම මාව පැටලුන එකට එයාට වරද පටවන්න එපා කිය කිය මට කියන කොල්ලා දිහා මං බලන් හිටියා... මට වඩා අගලක් හෝ දෙකක් උස අඩු කොල්ලාට තිබ්බේ හරි අහිංසක පෙනුමක්... ඒත් ඉතිම් ඕනිම අහිංසකයෙක්ගෙ පිටිපස්සේ  නාහෙට අහන්නැති දඩබ්බරයෙක් ඉන්නවා කියන එක මට අමුතුවෙන් කියන්න ඕනි නැති කොට මං වෙන කරන්න දෙයක් නැතිකමටයි මාව කිඩ්නැප් කරේ කියන කොල්ලා දිහා මං බලන් හිටියා... මොනා නැත්තත් මේ කොල්ලාට මට කරදරයක් කරන්න තියා සීරීමක් වත් කරන්න උවමනාවක් තිබ්බේ නෑ... ඒත් ඒ එක්කම එතෙන්ට ආවේ ටියුලිප්... ට්‍රේනින් සෙන්ටර් එකේ රිසෙප්ශන් බෝයි...

OUR STORY ( YIZHAN )Donde viven las historias. Descúbrelo ahora