10th part

318 41 6
                                    


" ශෙනුවා නැගිටපං කොල්ලෝ... උබව උදෙන්ම නැගිට්ටුවේ නෑ ඊයේ රෑ බෙහෙත් දුන්න නිසයි උබ හිටිය තත්වෙයි එක්ක... කෝ ලෑස්ති වෙයන් අතන ඇදුම් තියෙනවා... ඉක්මනට වොශ් එකක් දාගෙන වරෙං... "

" ගඟන... ගඟන කතා කරාද... "

" ඔව් බං කතා කරා ඌ හොදින් ඌ උදෙන්ම එනවා කිව්වා ඉස්කෝලෙට අපි කොහොමත් යන වෙලාවට කට්ටිය නෑනේ බං එච්චර... ගිහින් කතා කරගමු... "

ඊයේ රෑ උන දේවල් එක්ක අදියයි සතියයි මට බෙහෙත් දීලා නින්ද යන්න... මැරිලා වගේ නින්ද ගිය මං නැගිටිද්දි 5.30 යි... මගේ පොත් ටික ඇදුම් ටික ඔක්කොම අදියයි සතියයි හදලා... උන් දෙන්නා එකම ලේ නොවුනත් මගෙම සහෝදරයෝ කියන්නේ නිකන් නෙවෙයිනේ... මෙහෙම යාලුවෝ දෙන්නෙක් ලැබෙන්න මං හෙන වාසනාවන්තයි... ඉක්මනින් වොශ් එකක් දාගෙන මාත් ඇදගන්න ආවා... මං එද්දි අදියා අදිනවා සතියා ඇදලා ඉවරයි...

" කෝ ආ... ගාපං... "

" චුච්චක් කවඥ්ඥ අප්පා... "

" බලපං පොඩි එකා වගේ ඇගේ හැටි... අර ගඟන මල්ලිත් උබට වඩා ලොකුයි... උබ තවම හාල් මැස්සා වගේ... "

" අනේ පලයං බං... උබ හරි ලොකු එකානේ... මට හාල්මැස්සා කියන්නේ... "

" මචං ශෙනුවා අපි තුන්දෙනාගෙන් සයිස් එකෙන් පොඩිම එකා මූ නෙවෙයිද... "

" ඒකනම් ඇත්ත දැං වත් හොදට කාපං අදියා... නැත්තං උබට වෙන්නෙ කෙල්ලෙක් හොයාගන්න නෙවෙයි කොල්ලෙක්ගේ බොටමෙක් වෙන්න... "

" ශෙනිරු මං තොට කියන්නෑ ආය... "

" අඩෝ ශෙනුවා උබ මූණ බලාගෙන ඔහොම කියයි කියලනම් මං කීයට වත් හිතුවෙ නෑ... අම්මෝ මට බෑ යකෝ... සිරාවටම අදියට කියුට් ලුක් එක්කුත් තියෙන එකේ... අදී උබ කැමති නැද්ද මගේ කොල්ලා වෙන්න... "

" සතිර තමුසෙත් පටං ගත්තද ඒ පාර මාව සෙල්ලමකට ගන්න එපා... "

" අප්පේ... ඇති ඇති කෝ ආ ගාපං ශෙනුවා ඕක ගිලපං ඉක්මනට පරක්කුයි අද... "

අදියටයි මටයි බත් කව කව හිටිය සතියා අදියාට හාල් මැස්සා කියලා අවුස්සගත්තා වගේම මං කිව්ව එක නිසා ඌ තව ටිකක් ඇවිස්සුනා... අන්තිමට සතියාම රණ්ඩුව සමතයකට පත් කරලා අත හෝදන්න යද්දිම මට මැසේජ් එකක් ආවා...

OUR STORY ( YIZHAN )Where stories live. Discover now