5th part

511 52 4
                                    


ශෙනිරුව දාලා ආව එකට මගේ හිත දාහක් දේ කියනවා... මං නිසා නේද උටත් මෙහෙම උනේ... ඒත් ඇයි ඌ මං වෙනුවෙන් හොයන් ආවේ... දැන්නම් මං ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ... මගේ හිත අස්සේ කෝටිය දේ පාවෙනවා... තාප්පේ පැත්තේ ඉදං ළගම කොරිඩෝ එකෙන් ආවොත් මාව අහු වෙන නිසා මං ආවේ තාප්පේ පැත්තෙන් තියෙන තට්ටු දෙකේ ගොඩනැගිල්ලට පිටිපස්සෙන්... අපේ ක්ලාස් රූම් වලට යන්ඩ තියෙන කොරිඩෝ එකට ආවා විතරයි මොකෙක්ද එකෙක් කන ළගින්ම කෑ ගැහුවා...

" ඒයි පොඩි හාදයා.."

" අතෑරපං හු## මොන ප# කරනවද... "

" සතියා පොලීසියෙන් එනවා මෙහෙට..."

"හු####නේ ඉතිම්... "

" මල්ලී මාලේ උබේ ළගද... කෝ දීපං ඉක්මනට... "

" මොන මාලයක්ද උබට ඔල්මොරොන්දංද... මට යන්න දීපං... "

" මල්ලී අපි ශෙනිරුගේ යාලුවෝ... "

" කැඩෙයි හු##... "

" කට වහපං පොඩි ඇටයා... තොට ඕනි ඔය ලබ්බ අතේ තියං ඉදලා අඩු වයසින් ස්වර්ගස්ත වෙන්ඩද... "

අපේ කොරිඩෝ එකට මාරු උන මං ගැස්සිලා ගියේ කන ළගින්ම කෑ ගැහුව කෙනා නිසා... මොකෙක්ද ප## මගේ අතින් ඇදලා අරං මාලේ සීන් එක ඇහුවා... මට යකා නැගලා උංව අතෑරලා යන්ඩ දගලද්දි මාව අල්ලගෙන හිටිය එකා එක්ක හිටපු සුදු අයියා කිව්වා ඒ දෙන්නා ශෙනිරු අයියගේ යාලුවෝ කියලා...

මට තේරුන විදියට උං දෙන්නාට ඕනි උනේ මට උදව් කරන්ඩ... මං සාක්කුවෙන් ගත්ත මාලේ සතියා කියන එකාට දුන්නා... ඒත් එක්කම ඒකා මාලේ අල්ලලා එහා පැත්තේ තට්ටු දෙකේ හෝල් එකේ උඩට විසි කරා... දෙයියනේ ඒක කැඩුනද දන්නෑ විසිකරපු පාරට... අනික දැන් කොහොමද ඒක ගන්නේ... මාත් මාලේ දුන්නෙ මරු මිනිහට...

" ඔය ළමයි මොකද ඔතන... "

" මං මගේ මල්ලිව හොයාගෙන ආවේ සර් මගේ බයෝ ප්‍රැක්ටිකල් පොත එයාගේ බෑග් එකට මාරු වෙලා ගිහින්..."

" කව්ද ඔය ළමයගේ මල්ලි... "

" මේ ඉන්නේ... ගඟන විමංසන... "

" එතකොට මේ තමුන්ගේ අයියද... කියනවා බලන්ඩ අයියගේ සම්පුර්ණ නම... "

OUR STORY ( YIZHAN )Tempat cerita menjadi hidup. Temukan sekarang