57th part

106 13 8
                                    

එදා වලව්වට ගිය දවසේ සීයා තාත්තා කිව්ව දේවල් එක්ක අපි ඔක්කොමලා එකතු වෙලා කම්පැණි එක අපිට පුලුවන් උපරිමෙන් ගොඩ ගන්න බැලුවා... සීයා තාත්තා CEO උනත් කම්පැණි එක තිබුනේ අනෝමා අත්තනායක භාරේ නිසා ඒකේ දේවල් වෙනස් කරන එක ලේසි උනේ නෑ... අනෝමා අත්තනායක අපෙන් වැඩි සැලකිල්ලක් දුන්නේ විහඟ අයියාටයි මටයි විතරයි... ඒකට හේතුව එදිරිසිංහ වලව්වෙන් ආව මැරේජ් ප්‍රපෝසල්... මුලින් විහඟ අයියාට විතරක් ප්‍රපෝසල් ගෙනාවත් මේ පාර එයාලා මටත් උඩැක්කියක් කර ගස්සන්න හදන්නේ...


" පුතා අර එදිරිසිංහ වලව්වේ ප්‍රපෝසල් ආවා ගෑනු දරුවගේ අය හෙට මෙහෙ එනවා කියන්නේ... මොකද දරුවෝ ඒකට කියන්නේ... "


" ආපුදෙන් තාත්තේ... අපිට මොකෝ... අපේ යෑ පෙට්‍රල් ඉවර වෙන්නේ... "

තාත්තා ඇහුවේ හෙට එන අයට මොක්ද කියන්නෙ කියලා...

" ඒ මිනිස්සුන්ට කන්න එහෙම දෙන්න වෙයි නේද... ඒකට මොකද කරන්නේ... "


" ඒකට මං ගාව ප්ලෑන් එකක් තියෙනවා..."


" හෙලෝ... අනෝමා නැන්දෙ... අර ගර්ල්ගෙ ගෙදර අය හෙට එනවලු... අපේ ගෙදර උයන්න කියලා කෙනෙක් නෑනේ... අනේ එහෙමද... හරි නැන්දේ... තැන්ක්ස් ඒක තමා ලොකුම ප්‍රශ්නෙකට තිබ්බේ... හරි නැන්දේ... සී යූ... "


" ශෙනූ... "


එයා මේ වෙන කිසි දේකට වැඩි කැමැත්තක් නෑ කියන එක මං නොදන්නවා නෙවෙයි... මං දැනටමත් බැන්ද කෙනෙක්... මගේ නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ ගඟනට නිසයි මං කිසිම දේකට බය නොවී වැඩේ ගානට බැලන්ස් කරේ...


" ඔය දෙන්නා පුදුම වෙලා බලන්න එපා... අන්න එහෙමයි ප්‍රශ්න විසදන්නේ... අනෝමා නැන්දම මගුල කතා කරානම් කෑම ටිකත් එයාම ඕඩර් කරලා හරි එවයිනේ... අපිට තියෙන්නේ හෙට ඩ්‍රාමා එක රසවිදින්න විතරයි... "


" සුදූ ස්ක්‍රිප්ට් එක රෙඩි නේද... "


" එළටම තියෙනවා අයියා... "


" අනේ මන්දා උබලා මොන අඩව්වක් අල්ලයිද කියලා හෙට... "


" ඔයා බය නොවී ඉන්නකෝ තාත්තා... "

OUR STORY ( YIZHAN )Where stories live. Discover now