29th part

196 22 6
                                    


In Singapore ABC hospital...

" කවුද ඔයා... ඇයි මට මේ දේවල් කිව්වේ... අනිත් එක කවුද අපි අතරම ඉදං ඔත්තු දෙන කෙනා... ඇයි මට උදව් කරන්නේ... තමුනුත් ඒ ගොල්ලන්ගෙ කෙනෙක්ද... "

" ඒ ගොල්ලන්ගෙ කෙනෙක් උනානම් මං මෙහෙම ඔයාව බේරගෙන ට්‍රීට්මන් කරන්න වෙන රටකට අරං යන්නෙ නෑ නේද... "

" මං විශ්වාස කරන්නම් හැබැයි මට තමුන් කවුද කියලා අනන්‍යතාවය ඔප්පු කරන්න ඕනි... "

" ඒත් ඒකෙන් වැඩි වෙනසක් වෙන්නෙ නැති වෙයි... "

" මං කිව්ව දේ කරනවා නැත්තං මං පැනලා යනවා මෙතනින්... "

" මෙතනින් ගියා කියලා ඔයාට හොදක් වෙනවනම් මං මුලින්ම කරන්නෙ ඔයාගෙ අය ගාවට ඔයාව ගිහින් දාන එක... ඩොක්ට යසිත් තමුන් සනීපෙන් කිව්වට තමුන්ගෙ අක්මාවට ඉන්ජෙක්ට් කරපු ඩ්‍රග් එකෙන් අක්මාව අඩපන වෙලා කියලා දන්නවද... එක පාරම නැතත් පැයෙන් පැය හොස්පිට්ල් එකේදි තමුන්ට දුන්න ප්‍රතිජීවක කිව්ව බෙහෙත නිසා තවත් තමුන්ගෙ ලෙඩේ වැඩි උනා මිසක් අඩු උනේ නෑ කියලා දන්නවද... ලංකාවෙ හිටියොත් තමුන්ට වෙන්නෙ නිස්කාරනේ මැරිලා යන්න... හරියට තමුන්ගෙ අම්මා නැති උනාට පස්සෙ තාත්තාට උනා වගේ... ඒ අයට සාදාරනේ ඉශ්ට වෙන්න ඕනිනම් මුලින්ම සනීප වෙන්න බලන්න...
මේකෙ මහ මොළ කාරයාට නැතත් තුන් වෙනි පාර්ශවේටයි ඔයාව ඕනි කරලා තියෙන්නේ...  ඒකයි මං ඔයාගෙ අයටවත් නොකියා ඔයාව එක්ක ආවේ... 

" හ්ම්ම්ම්... ඒත් ඇයි තමුන් මාව ආරක්ෂා කරන්නෙ..."

" අතීතෙ උන දේ ආපහු වෙන එක නවත්තන්න... මගේ අතින් උන වැරදි හදා ගන්න... "

" කවුද තමුන්... "

" දැනගන්නම ඕනිද... "

" ඔයා... නෑ... වෙන්න බෑ... "

" ම්න්... ඒත් මේකයි ඇත්ත... ඔයාව ඇක්සිඩන්ට් එකෙන් බේරගත්තට ඒ ගොල්ලො මට කලින් ඉක්මන් වෙලා ඔයාව අරං ගියා... අන්තිමට මට ඉතිරි උන එකම ඔප්ශන් එක ඔයාව මේ විදියට කිඩ්නැප් කරන එක විතරයි... "

" ඒත් ඩොක්ට යසිත් ඒ වගේ කෙනෙක් කියන්න සාක්ෂි කෝ... මං දන්න කාලෙක ඉදන් ඒ මනුස්සයා හිටියෙ අපේ පැත්තේ... "

OUR STORY ( YIZHAN )Where stories live. Discover now