55th part

74 5 8
                                    

මගේ වැඩ ඉවර වෙලා මං ගෙදර ඇවිත් නාගත්තේ දාඩිය නාලා හිටිය නිසා... මං ටවල් එක පිටින් කාමරේට එද්දි එයා හිටියේ ශර්ට් එකේ බොත්තම් ගලවන ගමන්...

" අද ඔයා කලින් ඇවිත්... "


" ම්න්... අද ඒ හැටි වැඩක් තිබ්බේ නෑ මැණික... අනික භානු අතුරුදහන් නිසා අපේ ටීම් එක අයින් කරලා වෙන ටීම් එකක් එයාව හොයන්න දැම්මනෙ... ඉතිම් අපිට වැඩක් නෑ ඒ හැටි... "

බාගෙට ශර්ට් එක ගලවගෙන හිටිය එයා ගාවට ගිය මං ඇහුවේ කලින්ම මොකෝ කියන එක වෙද්දි එයා මා එක්ක කිව්වේ ඊයේ භානු අතුරුදහන් උන සීන් එක නිසා එයාලාව කේස් එකෙන් අයින් කරා කියලා... උන්ට ඕනි උනෙත් ඒකම තමා... ඒකයි උන් භානුව අල්ලගන්න ඔච්චර ලොකු බොරුවක් කලේ... ඒත් අපේ වාසනාවට අපි ඉස්සර උනා...


" ම්ම්ම්... වලව්වට යන්නම ඕනිද ගඟන... "


" නොයා කොහොමද... යන්න වෙනවනේ ශෙනූ... මෙහ්... ඔයා ගාව මාරම සුවදයි අයියේ... කන්න හිතෙනවා... "


එයානම් හිටියේ දාඩිය නාලා වෙද්දි මං කරේ එයා අස්සෙම රිංගගෙන එයාගෙන් ප්‍රශ්න අහපු එක... ඒ එක්කම මගේ බෙල්ල දිගේ ඉව ඇල්ලුව එයා කිව්වේ මං ගාව මාරම සුවදයි කියලා...


" එහෙනම් කන්න ඉතිම්... "


" මට වඩාගෙන තමා යන්න වෙන්නේ... "


" වඩාගෙන ගහන්න පුලුවන්නම් වඩාගෙන එක්ක ගියාම මොකෝ... "


" අනේ අයියේ... "


මගේ පොඩි ඇටයා... සයිස් එකෙන්නම් දැන් මට වඩා සෑහෙන්න ලොකු උනත් එයා සමහර වෙලාවට මට කතා කරේ අයියේ කියලා... මගේ ගාව සුවදයි කිව්ව එයා කන්න හිතෙනවා කියද්දි මං අනික් අතට කිව්වේ කන්න එහෙනම් කියලා උනත් එයා ඊගාවට කිව්වේ එයාට මාව වඩාගෙන යන්න වෙයි කියලා...


එහෙම කිව්ව එකෙත් ලොකු වැරැද්දක් නෑ... ඩෑල් එක කන්න ගත්තම කන්නේ මට ඇපත් නැති වෙන්නනේ...


ඒ අස්සේ මං වඩාගෙන ගහන්න පුලුවන් නම් වඩාගෙන එක්ක යන්න බැරිකමක් නෑනේ කියලා කිව්ව එකට කනකුත් රතු කරගෙන මට අනේ අයියේ කිව්ව එයා ඊගාවට බාගෙට ගලවලා තිබ්බ ශර්ට් එක ගලවලාම දාලා නාලා අදින්න ඇදුමක් තේරුවේ මං ආයෙම එයා අස්සටම ගිහින් කුරු ගහද්දී...


OUR STORY ( YIZHAN )Where stories live. Discover now