36th part

178 21 4
                                    


" සදුනිට ඕනි උනේ ඉක්මනින් නංගිව එයා ළගට ගන්න... මේ ලෝකේ එයාට ඉන්න එකම කෙනා ඔයායි චූටි කෙල්ලයි විතරයි..."

" ඒ කියන්නෙ අක්කා මාව කලින් ඉදන්ම දැනන් හිටියද... "

" ම්න්... අපි සෙට් එකට එකතු වෙන්න කලින් ඉදන්ම ඔයාව දැනං ඉදලා තියෙනවා... ඔයා ගැන හොයලා තියෙනවා... ඒත් ඔයාව ළගට නොගත්තේ මිශන් එක නිසා ඔයාගෙ ජීවිතේට බලපෑමක් වෙයි කියලා... "

අසිත අයියා සදුනි අක්කා ගැන කියද්දි ඔක්කොම අහං කල්පනාවක හිටිය සතිර අයියා එක පාර මිශන් එක ගැන ඇහුවා... මේ වෙනකල් හැමදේම හැංගුවට සමාවෙන්න කියලා අසිත අයියා මගේ ඔලුව අතගෑවත් මං හිතුවෙ කිසි දෙයක් නොකියයි කියලා ඒත් දේව් සීයා තවත් මේ දේවල් හංගන එකේ තේරුමක් නෑ කියලා අපිට හැමදේම කිව්වා...

"  ඒ කියන්නෙ ඔයාලා ඔක්කොමලා ඉන්නෙ මිශන් එකකද... "

" ම්න්... හැමදේම හැංගුවාට සමාවෙන්න... ඔයාලගෙම හොදටයි අපි මේ දේවල් රහසක් විදියට තියාගත්තේ... "

" ඒත් දැන් හැමදේම ඔයාලා දැන ගන්න කාලේ හරි... "

" එතකොට විහඟ අයියා, අසිත අයියා, යශේන් අයියා ශනිල්ක අයියා ඔක්කොමලා මිශන් එක්කද ඉන්නේ... "

මෙච්චර වෙලා මගේ අත් වලින් අල්ලගෙන කල්පනා කර කර හිටිය මගේ සුදු අයියාත් හැමදේම දැන ගන්න වුවමනාවෙන් අයියලාගෙ නම් කියලා මිශන් එක්කද ඉන්නෙ අහද්දි විහඟ අයියා කිව්ව එකට අපි තව පුදුම උනා... අයියලා ටික හරි කියමු ඒත් නෙතූ මිස්...

" ම්න්... දේව් සීයා එක්ක නෙතූ සදුනි දෙන්නත්... "

" මොකක් නෙතූ මිස්... "

" ම්න්... මතකද එදා සදුනිගෙ ඇලිස් නැන්දාව එක්ක ගියා ඔෆිසර් එල්විස් කියලා කෙනෙක්... ඒ තමා නෙතූ... "

සුදු අයියලාගෙ කෙමෙස්ට්‍ර් ටීචර් නෙතූ මිස් වෙද්දි සුදු අයියා එක්ක සතිර අයියාට ඒ ඇහුන දේට ඊට වඩා ශොක් එකක් ඇවිත් තිබ්බා... තමන්ට උගන්නපු මිස් සී.අයි.ඩී ඔෆිසර් කෙනෙක් කිව්වම ශොක් උනේ නැත්තං තමා පුදුමේ...

" ඔෆිසර් ආර්ටිමිස් තමා සදුනි... යශේන් ඔෆිසර් සයිරන්... ඔෆිසර් ක්‍රැකන් විහඟ... ඔෆිසර් සෙල්කී මම... ඇල්ෆා තමා දේව්... තව ඔයාව එදා ගෙදර ගෙනල්ලා දැම්ම ඔෆිසර් ඩ්‍රැගන් තමා අසිත... "

OUR STORY ( YIZHAN )Where stories live. Discover now