45th part

129 11 0
                                    

ඒ වෙලේ අයියාගෙ කාමරේ තියෙන හරියට ආවේ නෙතූ අක්කා... ඒත් ඇයි දේව් සීයා අඩුම අයියාගෙ පවුලේ අයටවත් නොකියන්නේ... එහෙම කිව්වනම් මේ හොයන දේ අපිට හොයාගන්න ලේසීනේ... මේ වගේ දේවල් දාහක් මගේ හිතේ ඇදෙද්දි මායි දේව් සීයයි හිටියේ අයියාගේ කාමරේ ඇද යට... නෙතූ අක්කා කාමරේට එන අඩි සද්ද ඇහෙද්දි මගේ පපුවත් ඒ හා සමානව ගැහෙනවා දැනෙද්දි මං බයේ හිටියේ අක්කා වැරදිලාවත් ඇද යට බැලුවොත් අපි අහු වෙන එකට...

මං වගේම දේව් සීයාගෙත් පපුව ගැහෙන එක මට දැනුනෙ එයා හිටියේ මාව තදින්ම බදාගෙන නිසා... ඒ එක්කම අඩියෙන් අඩිය කාමරේ ඇතුලට ආව නෙතු අක්කා ඇදෙන් වාඩි වෙද්දිම මං හිතුවෙ අපිව දැක්කම තමා කියලා... දැන් බලයි දැන් බලයි කියන සිතුවිල්ලේන් දේව් සීයයි මායි ඇසි පිය නොගහ බලං ඉද්දි අයියාගෙ ඇදෙන් වාඩි උන අක්කාගෙනම් කිසිම සද්දයක් තිබුනේ නෑ...


විනාඩියක් දෙකක් උපරිම ඉන්න ඇති... ඒ එක්කම දේව් සීයා මට ඇගිල්ලෙන් ඇනලා පෙන්නුවෙ අලි සයිස් ගෙම්බෙක්ව වෙද්දි ඒක දැකලා කෑ ගැස්සෙන්න ගිය මගේ කට දේව් සීයාම අතින් වහගත්තා... කට විතරක් නෙවෙයි ඒ අත් වල සයිස් එකට මගේ නහයත් එක්කම වැහිලා ගියේ මට හුස්ම ගන්නත් බැරි වෙද්දි...


උපරිම විනාඩියක් ඉන්න ඇති... හුස්ම ගන්න බැරි උන මං අනික් අතට දේව් සීයාගෙ අත හයියෙන් හපද්දි නොහිතුව වෙලාවක හපපු නිසා දේව් සීයාට කෑ ගැස්සෙන්න ගියා... මගේ කට වහං හිටිය අත අරං එයාම කට වහගත්ත එයා මට සද්ද කරන්න එපා කියද්දි නෙතූ මිස්ට ආව කෝල් එකක් නිසා එයා කාමරෙන් එළියට ගිය අතරේ අපි දෙන්නත් පස්ස නොබලා කෙලින්ම කාමරෙන් එළියටම දිව්වේ කවුරු හරි දකී කියන බයට...

" ඇයි අපි හොරෙන් ඒ කාමරේට ගියේ... සීයාට පුලුවන්නේ නෙතූ අක්කගෙන් අහලා කාමරේට යන්න... "

" ඒකට මට මගේ හේතු තියෙනවා ශෙනිරු පුතා... "

නෙතූ අක්කා ගියේ අයියගෙ කාමරෙන් එහා කාමරේ පැත්තෙන් කොරිඩෝ එකේ නිසා දේව් සීයයි මායි දෙන්නා ආවේ පඩිපෙල දිගේ පහලට... පහලදි මං එයාගෙන් ඇහුවෙ අක්කට කියලා ගියානම් හරිනේ කියලා උනත් සීයා කිව්වේ එහෙම නොකරන්න එයාට එයාගෙ හේතු තියෙනවා කියලා...

OUR STORY ( YIZHAN )Where stories live. Discover now