53rd part

42 6 0
                                    

වෙනදා පුරුද්දටම මට අදත් 5.30ට ඇහැරෙද්දි මං බැලුවෙ මට තුරුල් වෙලා ඉන්න ශෙනූ දිහා... ඊයේ සිහිය නැතුව මගෙ අත් උඩ හිටිය හැටි හාට් බීට් එක අඩු උන හැටි මට මැවිලා පේද්දි මං කරේ තවත් තදින් එයාව තුරුල් කර ගත්ත එක...

" ම්හ්... මහත්තයා... "

" නැගිට්ටද මැණිකේ... ඇගට අමාරුයිද... උරහිස කැක්කුම නෑ නේද දැන්... "

" දැන් අවුලක් නෑ වගේ... ඔලුවනම් කැක්කුමයි ටිකක්... "

" යමුකො කිරි එක බීලා ආය ඔලුව කැක්කුමට බෙහෙත් වේලක් බොමු... අනික් අය නැගිටලාද දන්නෑ... "

" අනික් අය කෙසේ වෙතත් ඔයාගෙ මහ ලොකු අයියා තාම පස්සත් උඩ දාගෙන බුදි... ඉස්සර හොස්ටල් එකේදි අපිව ඇහැරවන්නේ කනෙන් ඇදලා... දැන් බලහංකෝ... "

එයාට අදත් 5.30ට ඇහැරිලා... එයා ඉන්නේ මොකක් හරි අවුලකින්... මං නිදි කියලා හිතලා මාව තදින් බදාගත්ත විදියෙන්ම මට ඒක දැනුනා... අන්තිමට මාත් ඇහැරලා එයා එක්ක කුස්සියට ගියේ නිදාගෙන හිටිය අදියගෙ පස්සටත් හොද පාරක් දීගෙනමයි... මේ යකා වලව්වට ගියාට පස්සේ පුදුම කම්මැලියෙක් වෙලා... නැත්තන් වෙනදා නැගිටින්නේ අපිටත් කලින්...

ශනිල්ක අයියාගෙ නැගිටලා ආව පිලිවෙලට කට්ටියට කිරි හදලා දෙද්දි එකටත් වග කියලා හැමෝම ලෑස්ති උනේ භානුගෙ කතාව අහන්න...

" භානු පුතා... ඔයා දන්න හැමදේම මුල ඉදන් පිලිවෙලට කියන්න... "

" හ්ම්ම්... මගෙ සම්පූර්ණම නම භානුක නිකේශ්... මට හිටියෙ අයියා කෙනෙක් විතරයි... දැනට මාසෙකට කලින් බෙල්ලෙ වැල දාගෙන මැරුණා කියන දිනුක ත්‍රීශාක්‍ය තමා මගේ එකම අයියා... අම්මා මාව ලැබෙන්න ඉද්දි නැති උනාට පස්සේ අම්මගෙ නෑයෝ අපිව ලමා නිවාසෙකට භාර දීලා කියලා තමා අයියා මට කිව්වේ... තාත්තා මං හම්බෙන්න ඉද්දි අපිව අතෑරලා... ඉතිම් අපිට අපේ කියලා කවුරුත් හිටියෙ නෑ... අපි දෙන්නම හිටියෙ #### ළමා නිවාසෙ... අයියා මට වඩා අවුරුදු 7ක් වැඩිමල්... 18 උනාම හැම ළමයෙක්ම ළමා නිවාසෙන් අයින් වෙන්න ඕනි... අයියා මට වඩා වැඩිමල්නේ... එයා මීට අයින් උනේ මීට අවුරුදු 7කට කලින්... ඒ තමා අපේ පවුල ගැන විස්තර...

OUR STORY ( YIZHAN )Dove le storie prendono vita. Scoprilo ora