17th part

281 37 5
                                    


යසිරු තමා දවසකටත් මිනිහා... උගේ ඇක්ටින් බලන්නම වටිනවා... කොහොමින් කොහොම හරි මෙතන තවත් වලියක් වෙයි කියලා වෙන්න ඇති අපි සෙට් එකව කැන්ටිමට එක්ක ගියා... මට තියෙන පුදුමෙ අසිත සර් කොහොමද ශනිල්ක අයියයි, අපේ යශාවයි අදුරන්නේ කියලා... සමහර විට විහග අයියාගෙ යාලුවො නිසා වෙන්න ඇති...

කැන්ටිමට ආව අපි සෙට් එකම රෝල්ස් අනම්මනම් කාලා හයිලන්ඩ් කිරි එකක් ගැහුවා... ගඟනටත් බත් එපා කියලා ෆෑන් කේක් කෑවා... බලන් ගියාම විහඟ අයියත් ගඟන වගේ ෆෑන් කේක් පෙරේතයෙක්... ගත්ත ෆෑන් කේක් ටිකෙන් තුන් කාලක්ම කාලා දැම්මේ ඒ දෙන්නා තමා... අපිනම් සුපුරුදු කෑම විදියට රෝල්ස් කෑවා...

" ශනිල්ක අයියේ... අපේ යශාට කොහොමද... අද ටිකට් කපයිද... "

" හවස් වෙද්දි ටිකට් කපයි මල්ලි වැඩි අවුලක් වෙලා නෑ... වතුර එක්කනෙ කවලම් වෙලා තියෙන්නේ ඩ්‍රග් එක... ඒ නිසා එච්චර බලපෑමක් නෑ... අනික ඒකෙන් ඒ වෙලාවට ඇග පණ නැති වෙනවා විතරයි කියලා තමා ඩොක්ටර්ලා කිව්වේ... බය වෙන්න එපා... හවස් වෙද්දි යශාට ගෙදර යන්න පුලුවන් වෙයි... "

" හ්ම්ම්ම්... එහෙම උනොත් හොදයි... නැත්තම් අපේ ලොකු නැන්දාගෙන් කන පිරෙන්න අහගන්න පුලුවන්... කලින් පාර ඇක්සිඩන්ට් එකක් වෙලා මතකයිනේ පොරට මාසයක් විතර ගෙදරින් එලියට බහින්න දුන්නේ නෑ... "

" අප්පා ඒකනම් ඇත්ත... යශාව ගෙදරින් එළියට ගන්න අපිට දහ අට සන්නිය නටන්න උනා... උබලගෙ ලොකු අම්මනම් ගිනි බෝම්බයක් බං... "

" විහඟ කොහොමද ඔය කතා කරන්නේ... මේක ඉස්කෝලේ... මේ ඉන්නේ ළමයි... "

" අයියෝ අසියා... බලහං... දැන් අපේ යාලුවා යශේනයා ඉන්නවනේ උගෙ මස්සිනා තමා මූ... මේ ඉන්නේ මුගේ යාලුවෝ ඉතිම් අපිත් යාලුවො... යාලුවො උනාම කොහොම කතා කරාම මොකද..."

" උබට කියලා වැඩක් නෑ... "

" නෙතූ මිස්ට කොහොමද සර් දැන්... "

" උබ යශා ගැන ශනිල්කයාගෙන් අහලා ඇයි නෙතූ ගැන අසිතයාගෙන් අහන්නේ... ඒකත් ශනියා ගෙන්ම අහපංකෝ... "

" නෑ... මේ...  "

" ඇයි අසිත සර් නෙවෙයිද නෙතූ මිස්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්... "

OUR STORY ( YIZHAN )Dove le storie prendono vita. Scoprilo ora