40th part

149 15 0
                                    

" ආ... කපල් එක... එහෙනං ගේමක් දෙමු නෙහ්... "

" අනිවාරෙන්ම... "

අපි දෙන්නා ටීම් එකට එද්දි පැත්තක හිටිය අදියා ගේමක් දෙමු නෙහ් කියද්දි ගඟනත් අනිවාරෙන්ම කියලා අපිට දීලා තිබ්බ ප්ලේස් වලට ගියා... ඒ අස්සේ හැම වෙලේම මං දැක්ක දෙයක් තමා අනූපම කියන එක ගඟන පස්සෙන් යන එක... යසිරුවාගෙ ටීම් එකේ මුලින්ම බැට් කරන්න පටං ගත්තේ උගේ යාලුවෙක් වෙද්දි යසිරුවා කලේ පටං ගත්ත වෙලේ ඉදං ඇස් වලින් මාව කන එක වෙද්දි ගඟන ඒ හැම වෙලේම කරේ තරහෙන් පුපුරපු එක...

" ශෙනිරු අල්ලපං යකෝ උඩබලං ඉන්නෙ නැතුව... "

" හු## කියෝනවා... ඇස් නැද්ද යකෝ... උබ හිතුවද මං කුරුල්ලෙක් හරි මොකෙක් හරි කියලා... උබට තද උනාට මං පලි නෑ... "

මට අල්ලන්න තියා හිතන්නවත් බැරි විදියට ආව බෝලයක් අල්ලගන්න කියලා ගඟන කෑ ගහත්දි මටත් තද උන පාර මං හොද එකෙන්ම බැනලා අහුලගත්තා බෝලේ යවද්දි ගඟන තිබ්බ ගල් කැටේකටත් ගහලා එහාට ගියා... යකෝ මූ මං යසිරුවාට කිව්වා යෑ මං දිහා බලං ඉන්න කියලා... ඒකටත් මං පලි වගේ මේක මාර හු## උනානේ ඒ පාර...

" ආව්... යකෝ මරන්නද හදන්නේ... "

" ඒක අහපං බැට් කරන එකාගෙන්... යකෝ මේක මාර වැඩක්නේ... අනූපමයා ඔන්න ඕක දාපං අරූට... "

ආයෙම පාරක් බෝලේ ආවේ අපි ඉන්න පැත්තට වෙද්දි බෝලේ අල්ලගන්න පැන්න පාර මං ගඟනගේ ඇගේ වෙද්දි දෙන්නම පොර කුකුල්ලු දෙන්නා වගේ කාගද්දි බෝලේ රෝල් වෙලා ගියේ අනූපම ගාවට... ඌටම බෝලේ දාන්න කියලා ආපහු අපේ ප්ලේස් වලට ගියා ගඟනයි මායි දෙන්නා මැච් එක ඉවර වෙනකල්ම කරේ ඔරවපු එක...

" මොකෑ උබලා දෙන්නා පොර කුකුල්ලු වගේ මැච් එක පුරාවටම මරාගත්තේ... හරියට උබලා ගැන නොදන්න උන්නම් හැමෝම කිව්වේ තොපි දෙන්නා තරහා කාරයෝ දෙන්නෙක්ද කොහෙද කියලා... "

ගඟනයි මායි අදියයි සතියායි ඉන්න තැනට එද්දිම සතියා ඇහුවෙ ඇයි අපි මැච් එක මැද්දෙත් මරාගත්තේ කියලා වෙද්දි ගඟන පාඩුවේ ඈතක් බලං ඉද්දි ඒකටත් උත්තර දුන්නේ මං විතරයි...

" මුට දෝදු බං... යකෝ අරූ මගේ දිහා බලං හිටියා කියලා මං මොනා කරන්නද බං... "

OUR STORY ( YIZHAN )Where stories live. Discover now