38th part

195 21 0
                                    

කෑම කන්න ආව අපි සෙට් එක වෙනදා වගේම කෑම බෙදාගෙන පාඩුවෙ කෑම කද්දි කකා හිටිය අනික් උනුත් නිකන් මැජික් වගේ බැලුවෙ අපි එක්ක ගඟන ඉන්න නිසා... ඕනි රෙද්දක් කියලා කාපු අපි රූම් එකට ගියේ පාඩම් කරන්න ආපහු එන්න ඕනි නිසා...

" ඒ බං දැන් මොනාද තියෙන මැච්... මේ ජරමර අස්සේ ස්පොට් මීට් එක ගැනත් අමතක උනා... "


" ගොඩක් මැච් ඉවරයි බං දැන් ඇත්තේ කෙටි දුර දිවීම විතරද කොහෙද... "


" අපරාදේ නැහීගෙන වොලිබෝල් ප්‍රැක්ටිස් උනේ... "


" කවුද හිතුවෙ බං එහෙම දෙයක් වෙයි කියලා... "


" හවුස්මීට් තියෙන්නෙ කවදාලුද... "


කාලා අපේ හොස්ටල් රූම් එකට ආව අපි ගඟනගෙ අනික් බඩු ටික අස් කරද්දි මං ඇහුවෙ ස්පොට් මීට් තරග ගැන... දැන් ඉතිරි වෙලා තියෙන්නේ දිවීමේ තරග විතරයි කිව්ව අදියාට අපරාදෙ එදා නැහීගෙන වොලිබෝල් ප්ලේ කරේ කියද්දි ගඟන ඇහුවේ මීට් එක තියෙන්නෙ කවද්ද කියලා...


" ඇයි යකෝ සෑර් එක්කම නේද තොපි දෙන්නා හිටියේ මෙච්චර දවසක්... එහෙව් ඩබල අපෙන්ද අහන්නේ හව්ස්මීට් කවද්ද කියලා... "


" උබ ඇටයක් කියෝනවා මේ දවස් ටිකට වෙච්චි සීන් එක්ක අසිත අයියාගෙන් ඕවා අහන්න මතක කාටද බං... "


ඒ අස්සේ අසිත අයියාගෙන් මීට් එක කවද්ද අහගත්තේ නැද්ද අහපු සතියාට හොද එකෙන්ම රවලා කරුණු පැහැදිලි කරපු මට ඌ ඊගාවට කිව්ව එකටනම් හිනා වෙන්නෙ කොහෙන්ද හිතා ගන්න බැරි උනා...


" අම්මටසිරි සෑර් දැන් අයියා වෙලා... ඔහෙප්පලයං... අදී බලහංකෝ මස්සිනා නිසා වෙන්ඩ ඇති නෙහ්... "


" සතිර අයියාට අමතක උනාද දන්නෑ අදී කියන්නෙ මගෙ අයියා කියලා... "


වෙච්චි දේවල් වලට අපිට හපං සතියාට ට්‍රැක පැනලා තියෙද්දි ගඟනගෙ අයියා අදියා කියන එකත් සතියාට අමතක වෙලා තිබ්බා... දවසට වෙච්චි දේවල් ඔලුව විකාර කරවලා තියෙද්දි ඔහොම වෙන එක සාධාරණයි...


" හු## යකොව්... සිරාවටම අමතක උනා කියහංකො... අඩෝ... ට්‍රැක පනිනවනෙ බං... උබලත් මස්සිනලා උනා එහෙනං... අඩෝ මටත් මස්සිනා කෙනෙක් වෙන්ඩ ඔනි බං... "


OUR STORY ( YIZHAN )Where stories live. Discover now