8th part

318 39 6
                                    


" ඇයි දැං ඔය අඩන්නේ... මෙතන මිනිස්සු වැරදියට හිතයි... අයියෝ ළමයා අඩන එක නවත්තන්නකෝ... "

" ඔච්චර දෙයක් වෙලත් ඔයා කොහොමද ගඟන ඉන්නේ... මට ඔහොම උනානම් මං මැරෙයි බං... "

" මගේ තාත්තාට උන දේ ගැන ඇත්ත නැත්ත හොයාගෙන වැරදි කරපු අයට දඩුවම් දෙනකල් මට මැරෙන්න බෑ බං... ඒ ඔක්කොම් ඉවර උනාම ජීවත් උනත් එකයි මැරුනත් එකයි මට... "

" තමුසෙට පිස්සුද මිනිහෝ... මෝඩ කතා කියන්න එපා... ගහනව කන පැලෙන්ඩ... "

" ආව්... බං කන අතෑරපං මිනිස්සුත් බලං ඉන්නවා... අපි මෙහෙම ගෑනී මිනිහයි වගේ මරාගද්දි වටේ මිනිස්සු මොනා හිතයිද මෝඩයෝ... "

" ඕනි දෙයක් හිතපුදෙන්... ආය එහෙම ගොං කතා කියන්න එපා... "

" අපෝ හරි බං හරී... දැං වත් ඔය පුප්පන එක නවත්තපං... කටේ හැටි කුරුලු හොටයක් වගේ... "

" අනේ මේ ගඟන මගෙන් මොකුත් අහගන්න එපා... "

" අප්පා හරි හරී... දැං යමු එහෙනම් මගේ කතාව අහගත්තනේ... "

" ගඟන... අහන්නකෝ... ඊලගට මොකද කරන්නේ ඔයා... අර පොටෝ එකේ හිටිය අනික් කෙනාව කොහොමද හොයාගන්නේ... "

" අනේ මංදා බං මාත් තවම ඒ ගැන හිතනවා... ඩයරියත් පිච්චිලා බං ඒකේ ඕනිම ටික මං කියවන්න කලින්නේ අම්මා ඒක පිච්චුවේ... "

" ශිට්... අම්මා ළග වෙන මොකුත් ඩොකියුමන්ට්ස් එහෙම නැද්ද... අක්කා කෙනෙක් හිටියනම් එයාගේ කියලා මොනාම හරි මතක සටහනක් එයාට තියෙන්න ඕනි නේද පොටෝ හරි මොනා හරි... "

" අනේ මංදා බං... මං පුලුවන් හැමතැනම හෙව්වා... එහෙම කියලා මොකුත් තිබුනේ නෑ බං... "

" අම්මා එක්ක කත කර කර ඉද්දි ශේපට අහන්න වත් බැරිද බං... "

" එයා හොද සිහියෙන් ඉද්දි කවදාවත් අක්කා කෙනෙක් ගැන කියලා නැති එකේ බං වෙන මොනවත් ඇහුවට කියයිද... "

" අම්මා ගෙදර ඉන්න දවසක එන්නද අපි... මොනා හරි කටෙන්ම අල්ලගන්න බැරි නෑ... උබ දන්නවනේ අපේ අධියා සුපිරි සී.අයි.ඩී මීටරේ කියලා... "

" ම්න්... එහෙමවත් කරමුකෝ බං මොකුත් නොකර ඉන්නවට වඩා ට්‍රයි එකක් හරි දීලා බලමු... "

OUR STORY ( YIZHAN )Where stories live. Discover now