49th part

25 5 0
                                    

උදේම නැගිටලා අදී අයියා සතී අයියා එක්ක මං ඉව්වේ අද තාත්තාට නිවාඩුවක් දෙන ගමන්... බෙහෙත් සැරට ශෙනූ නිදි අතරෙ මං හදපු කිරි එකත් අරගෙන උඩට ගියේ එයාට බඩගිනි ඇති කියලා දැනුන නිසා...

" මැනිකේ... මේ කිරි එක බොන්න බෙහෙත් සැරට ගෑස්ටික් වැඩි වෙනවා නැත්තං... "

" ම්ම්ම්... සුදු කිරිනෙ... "

" මේ ටිකේ විතරක් බොන්නකෝ... "

එයා සුදු කිරි බොන්න ආස නෑ කහට දාලා හරි කෝපි දාලා හරි තමා එයා කිරි බිව්වේ... ඒත් දැන් ඒවා දුන්නොත් ගෑස්ටික් වැඩි වෙන නිසා තමා මං එයාට සුදු කිරි හදලා දුනේ...

සුදු කිරි එක පොවලා අන්තිමට නිදාගන්න කිව්වත් එයා කැමති උනේ නෑ... ඉතිම් මං එයාව එක්කගෙන කුස්සියට ආවේ එයාටත් නිදාගෙනම කම්මැලී හිතුන නිසා...

" මේ තේ එක හසලිගෙ නේ... "

" ඔව් අයියා... එයාව තව ටිකකින් ඇහැරවන්න ඕනි... "

ශෙනූටයි කෙල්ලටයි මං තේ හැදුවෙ එකටම... කෙල්ල කොහොමත් තේ බොන්නේ ඇල් වෙලා නිසා මං ශෙනූට කිරි එක දීලා කෙල්ලගෙ කිරි එක මේසෙන් තියලා ගියේ... අපේ අයියා ඒක දැකලා මේක හසලි බබාගෙද අහද්දි මං ඕ කියලා තව ටිකකින් ඇහැරවන්න ඕනි කියද්දි ශෙනූ කිව්වේ එයා ඇහැරවගෙන එන්නම් කියලා...

" මං හසලි බබාව එක්කන් එන්නම්... "

" වාඩි වෙන්න මැණික එයාව මං එක්ක එන්නම්..."

" ගඟනයා ශෙනුවාට යන්න දීපං ඌට බබෙක් හම්බෙන්න නෙවෙයිනේ උටත් නිදාගෙන කම්මැළි ඇති... අනික උගේ මූඩ් එක හරියන්න වෙනදා වගේම ඉන්න දෙන්න... "

සතිර අයියා කියන කතාවත් ඇත්ත... එයාට ඕනි වෙලා තියෙන්නෙත් කලින් එයාගෙ නිදහස් ජීවිතේ... එයා කෙල්ලව ඇහැරවගෙන එනකල් මං කෙල්ලගෙ ඇදුම් ටික ඔක්කොම එක තැනකට අරං තිබ්බා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අන්තිමට ශෙනූ එක්ක ආව හසලි බබා ඇග සෝදගෙන ආවම එයාගෙ ඇදුම් අන්දවලා කවන්න කුස්සියට එක්ක එද්දි කවදාවත් නැතුව අද එයත් උයන්න හවුල් වෙලා තිබ්බා... මගේ ශෙනූ... එයාට රහට උයන්න පුලුවන්... එයා හසලි බබාට ඉස්කෝලේ අරන් යන්න සැන්විච් හදාලා... ඒකත් වදේ නිසාමයි අයියලා දෙන්නා දීලා තියෙන්නේ...

OUR STORY ( YIZHAN )Where stories live. Discover now