42nd part

115 13 0
                                    

" බේබි... මොකෝ මේ කේන්ති ගිහින්... "

මාව දැක්ක යසිරු මොකෝ කේන්ති ගිහින් කියලා මූණ අල්ලන්න ගියත් අනික් තප්පරේට ඒ අත ගෑවෙන්න වත් නොදී අයින් උන මං ආපහු හැරිලා ආවේ එයා ගාවට...


" ඕ... මේ අලුතින් ආව ගඟන මල්ලි නේද... ඔයා මෙයාව දන්නවද බේබි... "

" දන්නවද... හහ්... දන්නවද නෙවෙයි කවුද අහපං යසිරු... "


" මල්ලි මේ අයියලාට කතා කරන්න ඉගෙන ගනිම්... "

ඒ අස්සේ යසිරුවා ගඟනව දන්නවද කියලා අහද්දි ගඟනගෙ කට කොනෙන් ආව හිතුවක්කාර හිනාවටනම් මාත් පිස්සු වැටිලා ගියා... ඔය හිනාවට තමා හැම එකාම පස්සෙන් එන්නේ...

" ඉතිම් මේ අයියලා පොඩ්ඩක් එහාට යනවද අපිට හොස්ටල් එකට යන්න... "

" තමුන් පාඩුවෙ යනවානම් යන්න මල්ලි... ඒත් මට පොඩි වෙලාවකට මගේ ශෙනිරු එක්ක කතා කරන්න ඕනි... "

" අනෙ මේ හු## කියවන්න එපා යසිරු... කට වහං ඉන්නෙ උබට කැමති නිසා කියලනම් හිතාගෙන ඉන්නේ තමුන්ට අදම මං පෙන්නන්නම් තමුන් හිතාගෙන හිටිය විදිය කොච්චර වැරදිද කියලා... "

චටාස්...

" වරෙං යන්න ගඟන මෙතන ඉදං ලේ පුච්චගන්න බෑ... "

මගේ අතින් අල්ලගත්ත එයා මේ අයියලා පොඩ්ඩක් එහාට යනවද අපිට හොස්ටල් එකට යන්න කියලා අහද්දි යසිරුවානම් බලාගෙන හිටියේ මගෙයි එයාගෙයි අත දිහා.. ඒ එක්කම යසිරු කිව්වේ මට තනියම කතා කරන්න ඕනි කියන එක වෙද්දි කතා කරන එක කෙසේ වෙතත් හොද හක්කේ පාරක් දුන්න මං ගඟනවත් ඇදගෙන එන්න ආවේ දැනම ප්‍රශ්න ඇති කරගන්න බැරි නිසයි...

" අතෑරපං ශෙනූ මාව යකා නොකර... "

" ඇයි මේ... චූටි... අපි යමු අනේ... කේන්ති ගන්න එපානේ... "

යසිරු එක්ක ප්‍රශ්න දාගනී කියලා මාව ඇදං ආව ශෙනූගෙ අත ගසලා දැම්ම මං ආපහු යන්න යද්දි එයා කරේ පුලුවන් තරම් තදින් මාව අල්ලගත්ත එක...

" තමුසෙට වඩා බාල උනා කියලා මං මොකෙක් කියලද හිතාගෙන ඉන්නේ... ආ... කතා කරපං යකෝ... තමුන්ට ලැජ්ජයිද මං එක්ක ඉන්න එකට... ආ... මං තමුන්ට වඩා බාල නිසා තමුන්ට ලැජ්ජයිද... ඒකද අච්චරටම ඔට්ටුවක් අල්ලගෙන දැගලුවෙ... "

OUR STORY ( YIZHAN )Where stories live. Discover now