26th part

277 22 13
                                    


සුදූ කෑ ගහගෙන ඇවිත් වචනත් පටල පටල කතා කරද්දි ගඟන ඒ පිම්මටම නැන්දව හොයාගෙන දිව්වා... අපිත් ඒ පස්සෙන් ගියේ මොකද උනේ බලන්න... ගඟන එක්කම වගේ දිව්වෙ විහඟ අයියා... නැන්දා විහඟ අයියව දැක්ක පාර කාමරේ දොර පිටිපස්සෙ තිබුන වීසි කැත්ත අරං ගහන්න හදනවත් එක්කම ඒක බේරගන්න මැද්දට පැනපු ගඟන නිසා විහඟ අයියා බේරුනත් ගඟනගෙ අතක වැදුනු වීදුරුවක් නිසා වැලමිටේ ඉදන් මැණික් කටුව ළගට එනකල් හීරිලා ගිහින් ලේ ගැලුවා...

පළවෙනි වතාවට මගේ කටින් ගඟනට මැණික කියලා කියවුනේ මේ වෙලාවෙදි... කවුරුත් හිටියෙ හොද සිහියකින් නෙවෙයි නිසා කිසි කෙනෙක්ට ඒක ගානක් ගියේ නෑ... මගේ අතේ හිටිය චූටි කෙල්ල හිටියෙ මේ සිද්දිය නිසා හොදටම බය වෙලා... කෙල්ල තවත් තදින් මගේ බෙල්ල බදාගෙන හැංගෙන්න හදද්දි මං සුදූට කෙල්ලව වඩාගෙන අසිත සර්ගෙ ගෙදරට අරං යන්න දුන්නා...

" අතෑරපිය... මාව... තොපි නිසා තමා මට හැමදේම නැති උනේ... තොපි මගේ පවුල විනාස කරා... මගේ මිනිහා මගේ අක්කා හැමදේම... මට අම්මා වගේ හිටිය මගේ රත්තරන් අක්කාව මට නැති උනා බං තොපි කාලකන්නි මැරිලා පලයං... "

" අම්මේ... අම්මේ... මේ ඉන්නේ ඔයා හිතන කෙනා නෙවෙයි අම්මේ... "

" වෙන මොකාද මේ ඉන්නේ ඌ තමයි... අහිංසක මගේ රත්තරන් අක්කාව රවට්ටලා දුක කියන්න ඇවිත් අසරණ කරපු කාලකන්නියා... මැරිලාම පලයං තෝ... "

" අම්මේ... "

විහඟ අයියාව දැකලා හොදටම බය උන නැන්දා වීසි කැත්තෙන් ගහන්න ගියත් ගඟන ඒක නවත්තපු පාර හැමදේම හරි ගියා කියල හිතුවත් ඒ තප්පරෙන්ම ළග තිබුනු පිත්තල හෙප්පුවක් අරං විහඟ අයියා දිහාවට විසි කරපු නැන්දා අක්කවයි මනුස්සයාවයි මරපු කාලකන්නියා කිය කිය විහඟ අයියට බැන්නා...

හිතේ දුක හිරකරගෙන අඩන්න බැරි කමට හිටියත් විහඟ අයියාගෙ අසරණ මූණ දැක්කම අපි හැමෝටම අයියා ගැන දැනුනෙ අනුකම්පාවක්... තාත්තලාගෙ වැරදි නිසාම ලෝකෙට වැරදි වෙන පුත්තු අතරෙ තාත්තගෙ රූපෙ නිසාම විහඟ අයියා මේ වෙලාවෙ වැරදිකාරයෙක් උනා...

විහඟ එරංදක මංචනායක... රූපෙන් සියට අනූ නවයක්ම ආගේශ් මංචනායකගෙ තරුණ කාලෙට සමාන උන නිසා තාත්තගෙ වැරදි වලට ලෝකෙන්ම බැනුම් අහන අසරණ චරිතයක් උනා...

OUR STORY ( YIZHAN )Where stories live. Discover now