Chapter 05

1.1K 224 65
                                    

ටේ.. මේ.. මේකයි මං ඇත්තටම ... මේ..
.
.
.
.
.
.
.
.
.

  ටේ ජිමින්ව තමන්ගේ හොදම යාලුවා විදියට හිතාගෙන හිටියත් ජිමින්ගෙ තත්ත්වේ ඊට වඩා වෙනස් උනා. මේ යාලුකම පටන් ගත්ත මුල් කාලෙ ජිමින් ටේව එයාගෙ හොදම යාලුවා විදියට දැක්කත් මේ සම්බන්ධේ ශක්තිමත් බව වැඩිවෙන්න වැඩිවෙන්න ජිමින්ටත් නොදැනීම එයාගෙ හදවත ටේහියුන් ව ඉල්ලන්න අරන් තිබ්බ . ජිමින් එයාව කොච්චර පාලනය කරගන්න හැදුවත් ටේහියුන් ගෙ සමහර වැඩ ඒ පාලනය බිදින්න සමත් උනා.
පුංචි පුංචි සිපගැනීම් , වැලදගැනීම් , නොදැනුවත්ව උවත් කියවෙන සමහර ආදරණීය වදන් , ජිමින්ගෙ හදවත "ටේහියුන්"
කියන වචනයට පවා ආදරේ කරන්න පොලඹවා ගත්තා .
ඒත් .... එයා කවදාවත් ඒ ආදරේ පෙන්නන්නවත් ඔප්පු කරන්නවත් ගියෙ නැත්තෙ ආදරයක් නිසා යාලුකමක් නැති කරගන්න ඕන නොවුණු නිසා .

" චිමී .. කියන්න ... මොකක්ද කියන්න ගිහින් නතර කරගත්තෙ.. "

" ආහ්හ්හ්.. නෑ.. මේ...... ටේ ..මේ .. මං ගැන ඔයා..ට මොනවාද දැ.. * cough * දැනෙන්න .. "

ජිමින්ට කියන්න ඕනි වුනේ මීට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් . ඒත් හැමවෙලේම ඉක්මන් වීම හොද නෑ කියලා මොලෙන් ලැබුණු පණිවිඩේට එකග වීමක් විදියට ජිමින්ට ඕනි වුනා ටේහියුන්ට එයාව දැනෙන විදිය දැනගන්න .

" දැනෙන්නෙ ?
දන්නවද චිමී , අද වෙනකං මේ ලෝකෙ කිසිම කෙනෙක් ගැන දැනුනු නැති ගොඩාක් දේවල් ඔයා වෙනුවෙන් දැනෙනවා ජිමී. මං කවුද මං මොනවගේද මට ඕනි මොනවද එපා මොනවද කියන්න මටත් වඩා ඔයයි හොදටම දන්නෙ. මුලු ලෝකයක් ඉස්සරහා නපුරු , සෙල්ලක්කාර ,හිතුවක්කාර චරිතයක් උනාට... මගෙ චිමී විතරයි දන්නෙ ඇත්ත ටේහියුන් එහෙම නෑ කියලා .
මං දන්නව චිමී, බාර් ගානෙ.. ක්ලබ් ගානෙ රෑ එකොලහ දොලහා වෙනකං රිංග ගෙන , ඒවා අස්සේ ඉන්න කෙල්ලොත් එක්ක නිදාගෙන , මුළු ලෝකෙටම ' ජරා සතා ' කියන කාඩ් එක ගහගෙන මේ ගෙවෙන මගෙ ජීවිතේ පුංචිම එළියක් හරි මං දකිනවනම් ඒ ඔයාගෙන් චිමී ..
එහෙම මගෙන් ඔයා ගැන කොහොමද මට දැනෙන්න කියලා අහන්න එපා ජිමින්.. ඒක.. ඒක ගොඩාක් රිදෙනවා..
මං ආදරෙයි චිමී... ගොඩාක් ..
ඔයත් මට මගේම හියුන්ග් වගේ මගෙ ජිමී.... "

"STAY with ME"|| taekook ( ✔️ )Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα