Chapter 08

963 207 12
                                    


එයා කොච්චර නම් ලස්සන වෙලාද.. මීට අවුරුදු පහකට කලින් දැක්ක ටේහියුන් දැන් ඉන්න කෙනාට වඩා කොච්චර වෙනස් ද.. ?

ජන්ග්කුක් මුළු රාත්‍රියම ටේහියුන්ගෙ පරණ මතක අවුස්සන්න පටන් ගත්තා .

jk's pov
Flashback

අවුරුදු පහකට පෙර ~

  තමන්ට ලැබුණු අවස්ථාව නිසා ජීවිතයේ අලුත් ආරම්භයක් වෙනුවෙන් උදේම නැගිටලා ජන්ග්කුක් හැඩවැඩ වුනේ අලුත් කොලේජ් එකට යන්න . ජන්ග්කුක් හැමවෙලේම හිතුවේ එයාගෙ කටහඬ එයාට ආශිර්වාදයක් කියලා . ඔව් ඒක ඇත්ත. මොකද අද මේ අවස්ථාව එයාට හිමිවෙන්නත් ලොකුම හේතුව එයාගෙ කටහඬ වගේම හැකියාව .

තමන්ට ලැබුණු ශිෂ්‍යත්වය නිසා සෝල් වල තිබ්බ ප්‍රසිද්ධම කොලේජ් එකක් වුනු SNU  එකට ඇතුලු වෙන්න ජන්ග්කුක් වාසනාවන්ත වුණා. ඒ කොලේජ් එක තනිකරම පොහොසතුන්ගෙ තැනක්. මේ වගේ තැනකට දුප්පත් කෙනෙක් එනවා කියන්නෙ එයාට අනිවාර්යයෙන්ම සල්ලි වලට ගන්න බැරි විශේෂ හැකියාවක් තියෙන්න ඕනි.

  කොලේජ් එකේ ප්‍රධාන ගේට් එකේ වගේම ඊට ටිකක් පිටුපසින් ගහලා තියන කොලේජ් එකේ නම ඇතුලත් පුවරුව එහි ගාම්භීර බව තවත් වැඩිකරනවා වගේ හැගීමක් ජන්ග්කුක්ට දැනුණා. ජින් හියුන්ග්ට සමුදීලා කොලේජ් එකේ ලොකු මැප් එකත් අතට අරන් ගේට් එකෙන් ඇතුලට ගිය ජන්ග්කුක් දැක්කෙ අහස උසට නැගෙන විශාල ගොඩනැගිලි වගේම ඒ වටා තියන නිස්කලංක වූ පරිසරය.

මැප් එක දිගඇරගෙනම ප්‍රින්සිපල්ගේ ඔෆිස් රූම් එක හොයන්න ගත්ත ජන්ග්කුක් දෙපාරක් තුන් පාරක්ම ආයෙත් ඇවිත් නතර වුනේ ප්‍රධාන ගේට්ටුවට පොඩ්ඩක් එහායින් තියන බෙන්ච් එකක් ලග

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මැප් එක දිගඇරගෙනම ප්‍රින්සිපල්ගේ ඔෆිස් රූම් එක හොයන්න ගත්ත ජන්ග්කුක් දෙපාරක් තුන් පාරක්ම ආයෙත් ඇවිත් නතර වුනේ ප්‍රධාන ගේට්ටුවට පොඩ්ඩක් එහායින් තියන බෙන්ච් එකක් ලග.
ආයෙත් මැප් එක දිහා බලාගෙන ටික දුරක් ඇවිදගෙන ගිය ජන්ග්කුක් තම සමබරතාවය නැතිවී ගොස් බිම ඇදවැටුණේ අනෙක් පසින් ගාල කඩාගෙන වගේ කෑගහගෙන ආපු ගෑණු ළමයි වගයක් නිසා .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now